ඇලූමිනියම් බීම කෑන් එකතු කිරීමේ ව්‍යාපෘතිය දියත් කරමින් ALUMEX සිය තිරසාරත්වය සඳහා වූ කැපවීම තව තවත් ශක්තිමත් කරයි

Image 01 (LBN Fill)

 



 

 

තිරසාරභාවය සඳහා ඇති කැපවීම යළි යළිත් තහවුරු කරමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා වන හේලීස් සමූහයට අනුබද්ධිත Alumex හරිත හෙටක් සඳහා වූ සිය මුලපිරීමෙහි එක් පියවරක් ලෙස ඉවතලන ඇලූමිනියම් බීම කෑන් (UBCs) එකතු කර නැවත භාවිතා කිරීමේ නියමු ව්‍යාපෘතියක් මෑතකදී දියත් කරන ලදී.

Alumex විසින් විශාල වශයෙන් ජනාකීර්ණ දිස්ත‍්‍රික්කයන්හි ප‍්‍රධාන ස්ථාන වල භාවිත කරන ලද ඇලූමිනියම් බීම කෑන් එකතු කිරීමට විශාල බහාලූම් පිහිටුවා ඇති අතර දිවයින පුරාම මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම මුලපිරීම මගින් ඇලූමිනියම් අපද්‍රව්‍ය නැවත භාවිත කළ හැකි පරිදි ප‍්‍රයෝජනවත් ලෙස බැහැර කිරීමට ජනතාව දිරිගන්වන අතර එමඟින් අප අවට වටපිටාව පිරිසිදුව සහ සිත් ගන්නා සුළු ලෙස පවත්වාගත හැකිය. එමෙන්ම ජල සම්පත අපවිත‍්‍ර වීම පාලනය කිරීමටද මෙය කඳිම විසදුමකි.

”ආයතනික හර පද්ධතියක් මත ගොඩනගා ඇති Alumex හි ප‍්‍රධානතම වටිනාකමක් වන්නේ යහපත් පුරවැසිභාවයයි. Hayleys Lifecode අනුව ඉදිරියට යන අප ජාතික දළ දේශීය නිෂ්පාදිතයට දායක වන තිරසාර ව්‍යාපාරයක් ගොඩනැගීමට පමණක් උත්සහ නොගන්නා අතර පරිසරය සුරැකීම වෙනුවෙන් ද සකී‍්‍රයව දායක වෙනවා.”

”අමුද්‍රව්‍ය චකී‍්‍රය ලෙස භාවිතා කිරීම යනු ලොව පුරා කර්මාන්ත ක්ෂේත‍්‍රය තුළ කතා බහට ලක්වන ප‍්‍රධාන මාතෘකාවක්. අපගේ අත්දැකීම් හරහා ගෝලීය මිශ‍්‍ර ලෝහ ප‍්‍රමිතීන් පිළිපදිමින් අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලියේදී ඉවතලන ඇලූමිනියම් බීම කෑන් නැවත භාවිතා කරන්න පුළුවන්. මේ තුළින් ගෝලීය වෙළඳපොළට කාබන් පියසටහන් අවම කළ නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට හැකි වීමද සුවිශේෂීතාවයක්.” යනුවෙන් Alumex හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවෙල මහතා පැවසුවේය.

Aluminum Stewardship Initiative හි නිෂ්පාදන හා පරිවර්තන අංශයේ නවතම සාමාජිකයා වන Alumex යනු ප‍්‍රමිතීන් සහතික කිරීම වෙනුවෙන් කැප වූ පළමු ශ‍්‍රී ලාංකික ඇලූමිනියම් නිෂ්පාදකයා වන අතර වගකීම් සහිත නිෂ්පාදන, මූලාශ‍්‍ර සහ භාරකාරත්වය පෝෂණය කිරීම සඳහා සාමාජිකයින් සමඟ එක්ව කටයුතු කරනු ඇත.

Alumex ඉතා මෑතක දී Asia Integrated Reporting Awards හි විනිවිදභාවය සහ පාලනය සඳහා වූ දැඩි කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක් වූ අතර තම වටිනාකම් නිර්මාණය කිරීම පිළිබඳව පාර්ශවකරුවන්ට සංක්ෂිප්තව සන්නිවේදනය කිරීම වෙනුවෙන් Integrated Report (SME) කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව