ඇඟළුම් කර්මාන්තය විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් රජය සමඟ අඛණ්ඩව සංවාද පවත්වයි: JAAF

JAAF

 



 

 

 

ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) වත්මන් විදේශ විනිමය අර්බුදය විසඳීමට සඳහා දැඩි සංවාදයක් සහ වැඩි පාර්ශවකරුවන් පිරිසකගේ සහයෝගීතාවයක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා වඩාත් තිරසාර දිගු කාලීන ගමන් පථයක් සඳහා ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටියේය.

සැපයුම් දාම හවුල්කරුවන්, අපනයනය ඉලක්ක කරගත් ඇඟළුම් නිෂ්පාදකයින්, මිලදී ගැනීමේ කාර්යාල සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර සන්නාමවල නියෝජිතයින් ඇතුළත් වන සංගම් පහක් නියෝජනය කරන ඉහළම ආයතනය වන සංගමයේ මෑත කාලීන වාර්ෂික මහා සභා රැස්වීමේදී (AGM) මෙම අදහස් පළ විය.

රැස්ව සිටි පිරිස අමතමින් JAAF හි අලූතින් පත් වූ සභාපති සහ MAS හි නියෝජ්‍ය සභාපති ශරාඞ් අමලියන් මහතා වසංගතය මධ්‍යයේ වුවද ව්‍යාපාර කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ප‍්‍රශංසා කළ අතර ඇමරිකානු ඩොලර් බිලියන 8 ක් ඉලක්ක කර ගනිමින් සාර්ථක ලෙස ද්විපාර්ශවික වෙළදාම සහ GSP+ පවත්වාගෙන යාම 2025 දී අරමුණු කර ගත යුතු බව සඳහන් කරන ලදි.

 

”නැවත වරක් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් විවිධ අභියෝග මධ්‍යයේ පසුගිය වසරේ අපනයනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට වඩා වැඩි ප‍්‍රමාණයක් ලබා ගනිමින් කැපී පෙනෙන කාර්යය සාධනයක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් අප ඉදිරියේ තවමත් බොහෝ බාධක තිබේ. මෙම අවිනිශ්චිත කාලවලදී සාර්ථකවය කරා පියමැනීමට නම් සියලූම පාර්ශවකරුවන් එකමුතුවෙන් ක‍්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන අතර විදේශ විනිමය සම්බන්ධ ගැටළු සහ අපගේ කර්මාන්තයේ තිරසාර වර්ධනයක් සහතික කළ හැකි රෙගුලාසි සම්මත කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ දිගටම සංවාදයේ යෙදීම අත්‍යවශ්‍ය වෙනවා.” යනුවෙන් අමලියන් මහතා අවධාරණය කළේය.

”වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා කලාපීය හවුල්කරුවන් සහ සංගම් සමඟ සම්බන්ධ වීමෙන් අපගේ ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් වැඩිදියුණු කළ යුතුයි. 2023 වසරෙන් ඔබ්බට GSP+ සහන ලබා ගැනීම අපගේ කර්මාන්තයේ වර්ධනය සඳහා අතිශයින් තීරණාත්මකයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර JAAF හිටපු සභාපති A. සුකුමාරන් මහතා සඳහන් කළේ කර්මාන්තයේ වත්මන් සහ අනාගත අභියෝග උදෙසා දිගුකාලීන විසඳුම් සංවර්ධනය කිරීම සඳහා කර්මාන්තයේ පාර්ශවකරුවන් අතර අඛණ්ඩ සම්බන්ධ වීම පූර්ව අවශ්‍යතාවයක් බවට පත් කරමින් ඉදිරි වසර තුළ කර්මාන්තය ඔවුන්ගේ සැපයුම් දාමයට එල්ලවන බාධා කිරීම්වලට මුහුණ දෙනු ඇති බවයි.

”වසංගතය අපගේ පුළුල් ගෝලීය සැපයුම් දාමය අභ්‍යන්තරයේ පවතින අවධානම් සහගත බව වර්ධනය කළා. කෙසේවෙතත් ඒ සඳහා නිවැරදි විසඳුම වන්නේ ජාතික සැපයුම් දාමයන් නොසැලකා හැර ජාත්‍යන්තරකරණය කිරීම බව අපි විශ්වාස කරන්නෙ නෑ. අප මුහුණ දෙන වර්තමාන ගැටළු සමඟ වුවද ගෝලීයකරණය තුළ සංසන්දනාත්මකව මූල්‍ය වාසි ලබා ගත හැකියි. කෙසේවෙතත් ගෝලීය වේදිකාවක් මත ඵලදායී ලෙස තරඟ කිරීමට ශ‍්‍රී ලාංකීය සමාගම්වල ධාරිතාවය වර්ධනයට සහාය විය හැකි ක්ෂේත‍්‍ර හඳුනාගෙන එම ධාරිතා සංවර්ධනය හැකිතාක් කඩිනම් කළ යුතුයි.”

”අඩු ගනුදෙනු සහ වැඩි සහයෝගී සැපයුම් දාම සම්බන්ධතා සඳහා ආයෝජනය කිරීම ප‍්‍රධාන ලෙස විසඳුම් සපයනවා. මෙය අපගේ කර්මාන්තයේ විවිධ අභියෝග සමඟ කටයුතු කිරීමට හැකියාව ඇති ඔරොත්තු දෙන සැපයුම් දාමයන් නිර්මාණය කරනවා. අපි අපගේ ගැනුම්කරුවන් සමඟ ඇති කරගන්නා දිගුකාලීන සබඳතා මත එහි දියුණුව තීරණය වෙනවා. ඒ වෙනුවෙන් සමතුලිත උපාය මාර්ග අත්‍යවශ්‍ය වෙනවා.” යනුවෙන් සුකුමාරන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

AGM හි දී 2022/2023 සඳහා JAAF හි නව විධායක කමිටුව පත් කළ අතර එහි සභාපති ශරාඞ් අමලියන් මහතා, උප සභාපතිවරුන් වන  සයිෆුදීන් ජැෆර්ජී මහතා සහ ෆීලික්ස් ප‍්‍රනාන්දු මහතා, හිටපු සභාපතිවරුන් වන නොඑල් ප‍්‍රියතිලක, අසීම් ඉස්මයිල් සහ අශ්රොෆ්  ඕමාර් යන මහත්වරුන් ඇතුළත් වේ. ප‍්‍රධාන ආයතනවල නිසි බලයලත් නියෝජිතයන් වන්නේ රෙදි සහ ඇඟලූම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ පුබුදු ද සිල්වා මහතා, නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ ජතින්දර් බියලා මහතා, ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ අරූන් හයිද්‍රාමනී මහතා, ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ හේමන්ත පෙරේරා මහතා සහ ශී‍්‍ර ලංකා ඇඟළුම් මූලාශ‍්‍ර සංගමයෙ හි විල්හෙල්ම් එලායස් මහතා යි.

විධායක කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ මහේෂ් හයිද්‍රාමනී, මනික් සන්තියාපිල්ලෙයි, අජිත් විජේසේකර, ජාෆර් සතාර්, අනිස් සතාර්, රෙහාන් ලකානි සහ මහීකා වීරකෝන් යන මහත්මයින් ගෙන් එය සමන්විත විය.

මේ අතර, JAAF හි ආරම්භක මහලේකම් ටියුලි කුරේ මහතා සිය ධූරයෙන් විශා‍්‍රම ගත් අතර ඉදිරියේදී උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ඇත. ඔහු වෙනුවට ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මෙන්ම කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු වන යොහාන් ලෝරන්ස් මහතා පත් කරනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව