ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දක්වති

1702873193462 (LBN)

 



 

 

වියට්නාමයේ ඩා නැංග් නුවර ටියැන් සන් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වූහ. ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය සංවිධාන කරන මේ ශූරතාවලියට සියලු මහාද්වීප නියෝජනය කරමින් අත්දැකීම් බහුල පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් එක්වී සිටිති.

මේ ශූරතාවලියේ අවුරුදු 45න් ඉහළ ඒකල තරග අංශයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ හිටපු ජාතික ශූරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා  එම වයස් කාණ්ඩයේ ඒකල තරග අංශයේ අවසන් මහා තරගයේදී ඉන්දියාවේ යැස්මීන් ශේක් ලකුණු 21-7ක් සහ 21-9ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

මීට අමතරව අවුරුදු 65න් ඉහළ කාන්තා ඒකල තරග අංශයේ දස්කම් පෑ ලක්ෂ්මි පුංචිහේවා එම තරග අංශයේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

අවුරුදු 80ට වැඩි සහ අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ කාන්තා යුගල තරග අංශයේ දී චන්ද්‍රිකා සහ ලක්ෂ්මි එක්ව ලෝකඩ පදක්කම දිනා ගැනීම කැපී පෙනුණි. මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මිශ්‍ර යුගල කණ්ඩායම වන රොහාන් ද සිල්වා සහ චන්ද්‍රිකා ද සිල්වා අවුරුදු 110න් ඉහළ ඒකාබද්ධ තරග අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ.

පිරිමි තරග අංශයේදී මංජුල සම්පත් ප්‍රනාන්දු තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, අවුරුදු 45න් ඉහළ පිරිමි ඒකල තරග අංශයේ අවසන් මහා තරගයේදී ප්‍රබල සටනකින් පසු ඉන්දුනීසියාවේ මුල් පෙළ ක්‍රීඩක ජෝනු හිඩායට් හමුවේ පරාජයට පත්වෙමින් රිදී පදක්කමකට හිමිකම් කීවේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව