ආරිය වෙතින් ඉහළම ගුණාත්මක ඕස්ට්‍රේලියානු කිරි ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Ariya

ආරිය කිරි නිෂ්පාදන පුද්ගලික ආයතනය, සුප්‍රසිද්ධ ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ව්‍යවසායකයකු වන දේශමාන්‍ය දේශබන්දු ආරියසිරි විතානගේ මහතා සහ දේශමාන්‍ය දේශබන්දු ඩී.එල්.වීරසූරිය මහතා විසින් ආරම්භ කරන ලද කිරි නිෂ්පාදන ආයතනයක් වන අතර එමගින් ශ්‍රී ලංකා පාරිභෝගිකයාට ඉහළම සහ ගුණාත්මක කිරි හඳුන්වා දෙන ලදී. මෙම යොදය සහිත කිරිපිටි ආනයනය කරනු ලබන්නේ කිරි කර්මාන්තයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයෙකු වන මරේ ගොල්බර්න් ඕස්ට්‍රේලියා කිරිපිටි සමාගම මඟිනි. මෙම කිරිපිටි වර්ගය දැනට වෙළඳපොලේ ඇති කිරිපිටි වර්ග හා සසදන විට දැරිය හැකි සහනදායි මිලකට ලබා ගැනීමේ හැකියාවක් පවතියි.

දේශමාන්‍ය දේශබන්දු ආරියසිරි විතානගේ මහතා සිය වෙළද නාමය පිලිබදව අදහස් දක්වමින්, “අපි මීට වසර ගණනාවකට පෙර ආරිය සමාගම ආරම්භ කරන විට, අපගේ ප්‍රධාන ඉලක්කය වූයේ ඉහළම ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා දීමයි. වසර ගණනාවක් තිස්සේ අපි ආහාර වර්ග කිහිපයක්ම ව්‍යාපාරය සඳහා යොදාගත් අතර ශ්‍රී ලාංකික නිෂ්පාදන අපනයනය කිරීමට ද මේ වනවිට සමත් වී සිටිමු. සම්පුර්ණ යොදය සහිත කිරි හඳුන්වාදීම අපි විසින් සිදු කරන ලද්දේ වෙළඳපොලේ ඇති අනෙකුත් එවැනි නිෂ්පාදන වල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න රාශියක් ඇතිව තිබු කාල වකවානුවක් තුලය.එබැවින් අපගේ ආරිය කිරි ඉහළම ගුණාත්මක බවින් හා 100% ස්වාභාවික බවින් යුක්ත බව අපට සහතික වශයෙන්ම ප්‍රකාශ කල හැකිය.

ආරිය කිරිපිටි ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන වෙළඳපොලේ ඇති එකම කිරිපිටි වර්ගය වන අතර කල් තබා ගැනීමට කෘතීම රාසායනිකයන් අඩංගු කර නොමැති හා 100% ස්වාභාවික බවින් යුතු බවට සහතික කර ඇත. එමෙන්ම මෙම නිෂ්පාදිතය පරීක්ෂාවට ලක් කර සනාථ කර ඇත්තේ එහි එහි DCD හා මෙලමයින් අන්තර්ගත නොවන බව හා සත්ව මේදය, එළවළු තෙල් හෝ පාම් තෙල් අඩංගු නොවන බවයි.

ආරිය කිරි ග්‍රෑම් 400 සහ කිලෝ ග්‍රෑම් එක යන ඇසුරුම් වලින් වෙළදපළට නිකුත් වන අතර මෙම නිෂ්පාදන ඇසුරුම් කිරීම සිදු කරනු ලබන්නේ ආරිය හී ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි අති නවීන ඇසුරුම් කම්හල තුලදී ය. එය දැනට බටහිර පළාතේ සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළෙඳ සැල් වලින් ලබා ගත හැකි අතර සියලුම ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමට ද සැලසුම් කෙරෙමින් පවතී.

1999 වසරේ දී ආරියසිරි විතානගේ මහතා විසින් ආරම්භ කරන ලද ආරිය සන්නාමය ශ්‍රී ලංකාව තුල සහල් අවශ්‍යතාවයටද සිය දායකත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් සපයන අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය සිංගප්පූරුව, ඉතාලිය, චීනය සහ ජී.සී.සී රටවල් වැනි බොහෝ රටවලට සහල් සහ කුළුබඩු අපනයනය කරයි. සහල් හැරුණු විට මෙම සන්නාමය වසර 20 කට අධික කාලයක සිට සීනි, මුං ඇට, ටින් මාළු, කඩල,කව්පි වැනි පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදනයන් ද අලෙවි කරයි.

වැඩි විස්තර සඳහා 0115 223344 අංකයෙන් ආරිය මිල්ක් (පුද්ගලික) සමාගම ඇමතිය හැකි වන අතර ඔවුන්ගේ පුළුල් වෙබ් අඩවිය වන www.ariyafood.com වෙබ් අඩවියට පිවිසීම ද සිදු කල හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව