
ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා අසීමිතව වීඩියෝ නැරඹීමට හා සමාජ මාධ්‍ය ජාලවල සැරීමට නව ඬේටා පැකේජයක් හඳුන්වා දී ඇති අතර මෙමගින් පරිශීලකයින්ට රිසි සේ එකම පැකේජයක් හරහා යූටියුබ් (YouTube), ෆේස්බුක් (Facebook), ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) හා වට්ස්ඇප් (WhatsApp) යන මෙරට වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාල සඳහා ප්‍රවේශ වීමට එයාර්ටෙල් විසින් අවස්ථාව ලබා දී ඇත.
දිවයින පුරා ආරක්ෂිත සමාජ දුරස්ථකරණ පියවරයන් අනුගමනය කරමින් සිටින මොහොතක ශ්‍රී ලාංකිකයන් අතර සමාජ මාධ්‍ය ජාල පරිහරණය, පණිවිඩ හුවමාරු සේවා හා වීඩියෝ නැරඹීමේ යෙදවුම් සඳහා ඉහළ යන ඬේටා භාවිතය සපුරා ලීම සඳහා මෙම ඬේටා පැකේජය වැඩි දියුණු කර ඇත. ඒ අනුව සැඟ වූ ගාස්තු හා කොන්දේසි නොමැතිව පරිශීලකයින්ට YouTube සහ ත් Facebook හරහා අසීමිතව වීඩියෝ නැරඹීමට මෙමගින් හැකි වනු ඇත.
තවද මෙම පැකේජය මගින් පරිශීලකයින්ට කිසිඳු බාධාවකින් තොරව YouTube, Facebook, Facebook messenger සහ WhatsApp හි අන්තර්ගත ඕනෑම දෙයක් පිරික්සීමට, නැරඹීමට, චැට් කිරීමට, upload හා download කිරීමට ද හැකියාව ඇත. එමෙන්ම පරිශීලකයාගේ පෙර ඬේටා පැකේජයට අමතර එකතු කිරීමක් ලෙස මෙම පැකේජය මිලදී ගත හැක.
පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනා ගනිමින් ඔවුන්ගේ ජීවන රටාවන්ට වඩා හොඳින් ගැලපෙන අන්තර්ජාල මාධ්‍යයන්ට යොමුවන මෙවැනි කාලවකවානුවක වෙළෙඳපෙළේ ඇති සම්මත ඬේටා පැකේජවලින් ඔබ්බට ගිය වටිනාකමක් ලබා දීම සඳහා හඳුන්වා දී ඇති මෙම පැකේජය රුපියල් 286ක් වැනි පහසු මිලකට පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය. දින 30ක කාලයක් සඳහා වලංගු මෙම ඬේටා සැලසුම පෙරගෙවුම් හා පසුගෙවුම් පරිශීලකයින් සඳහා ලබා ගත හැකි අතර “My Airtel” මෘදුකාංගය හරහා හෝ පරිශීලකයාගේ ජංගම දුරකතනයෙන් *286# ඇමතීමෙන් මිලදී ගත හැකිය. වැඩි විස්තර ස`දහා www.airtel.lk හෝ ‘My Airtel’ app වෙත පිවිසෙන්න.