අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටත්වයේ විසිවන වසර සමරයි

Allianz-Echelon-Ad-Feb-2025-Background (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් සහ ගෝලීය දැවැන්තයෙකු වන අලියාන්ස් SEහි අනු සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, දේශය වෙනුවෙන් සිදු කරන ලද නොසැලෙන සේවයේ විසිවන වසර සාඩම්බරයෙන් සනිටුහන් කරයි. වර්ෂ 2005 මූලාරම්භයේ සිට, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කෙරුණු නව්‍ය රක්ෂණ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමට කැපවී සිටී. මෙම සන්ධිස්ථානය, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි වඩා වැදගත් දේ වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීමට සහ සිය ගනුදෙනුකරුවන් උදෙසා සුරක්ෂිත වූ අනාගතයක් ගොඩනැඟීමට ඇති කැපවීම පිළිබඳ මනා සාක්ෂි සපයයි. ජර්මනියේ මියුනිච්හි (Munich, Germany) මූලස්ථානගත වී ඇති අලියාන්ස්SEහි අනු සමාගමක් ලෙස, ලොව ප්‍රමුඛ මූල්‍ය සේවා සපයන්නෙකුගේ අසමසම ගෝලීය ශක්තියෙන් මෙම අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ප්‍රතිලාභ ලබයි. රක්ෂණ සහ වත්කම් කළමනාකරණය පිළිබඳ ප්‍රවීණත්වයක් උසුලන අලියාන්ස් SE, වර්ෂ 2024 දී අන්තර් වෙළඳ නාම සහ මූල්‍ය වෙළඳ නාම අතරින් “ලොව අංක 1 රක්ෂණ සන්නාමය” ලෙස පිළිගැනීමට ලක් විය. අලියාන්ස්, මෙම කීර්ති නාමය දිනාගත් අඛණ්ඩ සයවන වසර සනිටුහන් කරන අතර එය මෙහි විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය උදෙසා වූ ගෝලීය කීර්තිය අවධාරනය කරයි.

 



 

විසි වසරක කාල පරාසයක් මුළුල්ලේ, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, මෝටර් රථ සහ සෞඛ්‍ය රක්ෂණයේ සිට විශේෂිත ව්‍යාපාර ආවරණ දක්වා පුළුල් පරාසයක විසඳුම් සමඟ ශ්‍රී ලාංකික ජනයාගේ සුරක්ෂිතතාව තහවුරු කරයි. ගෝලීය ප්‍රවීණතාව සහ දේශීය අවබෝධය සංයෝජනය කරමින්, පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරයන්ගේ පැවැත්ම සහ මූල්‍ය ආරක්ෂාව තහවුරු කිරීමෙහි ලා මෙය විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස කීර්තියක් අත්කොට ගෙන ඇත.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ළඟා කරගත් මෙම වැදගත් සන්ධිස්ථානය හමුවේද, අඛණ්ඩතාව සහ නවෝත්පාදනයෙන් ශ්‍රී ලාංකික ජන ප්‍රජාවට සේවය කිරීමේ සිය මෙහෙවරෙහි ඔවුහු ස්ථිරව නිරතව සිටිති. තව ද, අලියාන්ස් SEහි මුඛ්‍ය අරමුණු වනුයේ, ගනුදෙනුකරුවන් සමඟ පවත්නා සබඳතාව වඩා තීව්‍ර කිරීම, පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් තව දුරටත් හඳුන්වා දීම සහ ඔවුන්ගේ දිවියේ ප්‍රමුඛතාවන් වඩාත් සුරක්ෂිත කිරීම සඳහා ජනතාවට නොමඳ සහය සැපයීමයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව