අදානි සමූහය විසින් Penna Cement Ltd අත්පත් කර ගනී

IRA

මෙම මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සමාගමේ අභ්‍යන්තර උපචිත මඟින්  සපයනු ලැබේ.

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන අදානි හි සිමෙන්ති සහ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම  වන සීමාසහිත අම්බුජා සිමෙන්ති සමාගම විසින් Penna Cement Industries Ltd මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරන ලදී.ඒ අනුව දැනට එහි ප්‍රවර්ධක සමූහය වන Mr. P. Pratap Reddy and family සතු ව්‍යාපාරයේ කොටස් 100% ම අම්බුජා සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය.මෙම මිලදී ගැනීම සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල සමාගමේ අභ්‍යන්තර උපචිත හරහා සපයනු ලැබේ.

 



 

මේ පිළිබඳව අදහස් දක්වමින් අම්බුජා සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සමස්ත අධ්‍යක්ෂ අජේ කපූර් මහතා මෙසේ පැවසුවේය. “මෙම සුවිශේෂී මිලදී ගැනීම අම්බුජා සිමෙන්ති සමාගමේ වේගවත් වර්ධන ගමනේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකියි . අම්බුජා හි දකුණු ඉන්දීය වෙළෙඳපල පැවැත්ම පුළුල් කරමින් ඉන්දියාව තුළ සිමෙන්ති කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස ස්ථාවරය සවිමත් කර ගැනීමට  මෙම Penna Cement Industries Ltd ( PICIL ) මිලදී ගැනීම  ඉවහල් වෙනවා.  PCIL හි පිහිටීම සහ එහි තිබෙන ප්‍රමාණවත් හුණුගල් සංචිත නිසා සිමෙන්ති ධාරිතාව වර්ධනය කරගැනීමට මෙන්ම අමතර ආයෝජන වැඩි කර ගැනීමට මහඟු අවස්ථාවක් සලසනවා. මෙමඟින් සිමෙන්ති තොග පර්යන්තයන් සඳහා  (BCTs) ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවට,  මුහුදු මාර්ගය හරහා ඉන්දියාවේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවලට ප්‍රවේශය ලබා දීම මඟින් මෙතෙක් පැවැති ක්‍රමවේදයන් වෙනස් කිරීමට හැකියාව ලැබීම මෙහි තිබෙන වැදගත් කරුණක්.අපගේ අරමුණ වන්නේ, PCIL හි පිරිවැය සහ ඵලදායිතාවය තුළින් ඉහළ තරඟකාරීත්වයක් ඇති කිරීම සහ එහි මෙහෙයුම් කාර්ය සාධනය තවදුරටත්  වැඩිදියුණු කිරීමයි.”

වසරකට මෙට්‍රික් ටොන් 14 (MTPA) සිමෙන්ති ධාරිතාවක් PCIL සතුඅතර  ඉන් මෙට්‍රික් ටොන් 10ක් (MTPA) ක්‍රියාත්මක වන අතර ඉතිරි ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 2ක් ( MTPA) ක්‍රිෂ්ණපට්නම්  සහ මෙට්‍රික් ටොන් 2ක් ( MTPA) ජෝද්පූර් හි නිපදවේ. එය මාස 6 – 12  කාලයක්  තුළ නිමවනු ඇත.  සිමෙන්ති ධාරිතාවයෙන් 90%ක් පමණ  Railway siding හරහා ලැබෙන අතර  ඇතැම් විදුලි   බලාගාර සහ අපද්‍රව්‍ය තාප ප්‍රතිසාධන පද්ධති මඟින් ද මේ සඳහා සහාය ලැබේ. එමෙන්ම ,ජෝද්පූර් බලාගාරයේ ඇති අතිරික්ත ක්ලින්කර් මඟින් අමතර 3 MTPA සිමෙන්ති ඇඹරුම් ධාරිතාවක් සමස්ත 14 MTPA වෙත ලබාදීම මඟින් එයට සහය වනු ඇත.

Penna සමාගම විසින් 2019 මැයි මාසයේදී, වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 0.5 ක ධාරිතාවයකින් යුත් සිමෙන්ති ඇසුරුම් පර්යන්තයක් කොළඹ නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ සිංහ සිමෙන්ති සමාගම අත්පත් කර ගන්නා ලදී.

PCIL හි දැනට සේවයේ නියුතු අලෙවි නියෝජිතයන් ද උපරිම සහයෝගයක් ලබාදීම උදෙසා අදානි සිමෙන්ති වෙළෙඳ ජාලය සමඟ එක්ව කටයුතු කරනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව