අග්‍රහාර සාමාජිකයින් වෙත වැඩි දියුණු කළ සෞඛ්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහය ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ එක් වෙයි

IMG-20240828-WA0034

නවලෝක රෝහල් සමූහය අග්‍රහාර වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ  සියලු රාජ්‍ය සේවකයන් වෙත සහන රැසක් සළසා දීම අරමුණු කර ගනිමින් ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. රෝගීන් කේන්ද්‍ර කොටගත් උසස් ප්‍රමිතියේ සෞඛ්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් නවලෝක රෝහල් සමූහයේ කැපවීමද මේ තුළින් යළි යළිත් තහවුරු වීම විශේෂත්වයකි.

පසුගියදා පැවති උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණ අතර එම අවස්ථාව සඳහා නවලෝක රෝහල් සමූහයේ අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී  මහාචාර්ය ලාල් චන්ද්‍රසේන මහතා, ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ගමනී එන් ලියනාරච්චි මහත්මිය එක් විය.
 



 

එසේම ජාතික රක්ෂණ භාර අරමුදල නියෝජනය කරමින් එහි සභාපති සාගල අබේවික්‍රම මහතා, සහකාර සාමාන්‍යාධිකාරී – මෙහෙයුම්, සමිල් තුශාර මහතා, සහකාර සාමාන්‍යාධිකාරී – රක්ෂණ, නිමාලි පතිරණ මහත්මිය, සහකාර කළමනාකර – නීති, ප්‍රතිභා වැලිකන්න මහතා සහ වැඩබලන සහකාර සාමාන්‍යාධිකාරී – මූල්‍ය, ධම්මික වීරකෝන් මහතා එම අවස්ථාවට එක් වූ අතර නවලෝක රෝහල් සමූහය වෙනුවෙන් එහි අලෙවි ප්‍රධානී රසිකා තිලකරත්න මහත්මිය සහ සහකාර කළමනාකාර – ආයතනික සම්බන්ධතා  දුලන ගලප්පත්ති මහතා එක් විය.

මෙම හවුල්කාරීවය තුළින් රක්ෂණ භාර අරමුදලේ අග්‍රහාර සාමාජිකයින් හට සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිකර ගැනීමට මෙන්ම නවලෝක රෝහල් සමූහය මඟින් ලබා දෙන සෞඛ්‍ය සේවාවන් රැසක් පහසුවෙන් සලසා ගැනීමට හැකියාව උදා වේ. ඔවුන් වෙනුවෙන් සුවිසල් සේවාවක් සලසා දීම සඳහා දිගු කාලීන සබඳතාවක් ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරන නවලෝක රෝහල කැපවී සිටින අතර එම කැපවීමෙහි ප්‍රධාන සංධිස්ථානයක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. විශේෂයෙන් රාජ්‍ය සේවක සේවිකාවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට මෙන්ම දැරිය හැකි මිලකට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඔවුන් වෙත ලබා දීම සඳහා විශ්වාසවන්ත සෞඛ්‍ය සේවා සපයන්නකු ලෙස නවලෝක රෝහල් සමූහය අත්කරගෙන ඇති විශිෂ්ටත්වය මෙම ගිවිසුම තුළින් තව දුරටත් තහවුරු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවලෝක රෝහල් සමූහයේ අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරී මහාචාර්ය ලාල් චන්ද්‍රසේන මහතා සඳහන් කර සිටියේ “ ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ ඇති කරගනු ලැබූ මෙම විශේෂ ගිවිසුම සමඟින් මෙරට රාජ්‍ය සේවකයින් වෙත සහනදායී මුදලකට වෛද්‍ය පහසුකම් රැසක් සලසා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් රට වෙනුවෙන් ඉටු කරන අමිල මෙහෙවර වෙනුවෙන් සිදු කරන උපහාරයක් ලෙස සියලු අග්‍රහාර රක්ෂණ සාමාජිකයින් වෙත උසස් තත්වයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට නවලෝක රෝහල් සමූහය පියවර ගෙන තිබෙනවා.” යනුවෙනි.

මෙම ගිවිසුම යටතේ ජාතික රක්ෂණ භාර අරමුදලේ සාමාජිකයින් හට මූලික ගෙවීමකින් තොරව නවලෝක රෝහල් සේවා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව උදා කර දී ඇති අතර අග්‍රහාර සාමාජිකයින්ට නොමිලේ සෞඛ්‍ය සේවා සඳහා ඇතුළත් fමිමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන වියදම අවම කර ගැනීමටද නවලෝක රෝහල් සමූහය අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. එසේම අග්‍රහාර සාමාජිකයින් හට රසායනාගාර පර්යේෂණ, අර්ථකතන විකිරණවේදය (interventional radiology),  හෘද ආශ්‍රිත රෝග විනිශ්චය, බයිපාස් සැත්කම් වැනි විවිධ වෛද්‍ය සේවාවන් සඳහා මෙන්ම නැවතීමේ කාමර ගාස්තු සඳහාද වට්ටම් සහිතව ගෙවීමේ හැකියාව උදා කර දෙන මෙම ගිවිසුම තුළින් බාහිර රෝගීන්ට මෙන්ම නේවාසික රෝගීන්ටද ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමසට හැකියාව උදා වේ. එසේම මෙම ගිවිසුම යටතේ රෝහල් සේවා ලබා ගැනීම සඳහා නොමිලේ ගිලන් රථ සේවා සපයා ගැනීමේ හැකියාව සාමාජිකයින් වෙත සලසා දී තිබීමද විශේෂත්වයකි.

ජාතික රක්ෂණ භාර අරමුදලේ අග්‍රහාර යෝජනා ක්‍රමය යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින් සඳහා වන විශාලතම සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන ලෙස සඳහන් කළ හැකිය. රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වැඩසටහනක් වන මෙම අග්‍රහාර රක්ෂණය මඟින් සාමාජිකයින්ට සෞඛ්‍ය වියදම් සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර සපයනු ලබයි. ඒ හේතුවෙන් ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හට පුද්ගලික මුදල් වැය නොකර ගනිමින් අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සලසා ගැනීමේ අවස්ථාව සහතික කරමින් ඔවුන්ගේ යහපැවැත්ම හා මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට හැකියාව උදා වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව