Zenith Trading වසරේ ව්‍යවසායකයා ලෙස BWIO රන් සම්මාන දිනයි

Zenith Trading - IMAGE - 1

ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග අලෙවි කරන Zenith සමාගම් සමූහයට අනුබද්ධ Zenith Trading පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Zenith සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ටන් කෙනී ප්‍රනාන්දු මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කෙනී ප්‍රනාන්දු සහ ජෝසප් පීටර් යන මහත්වරුන් කුඩා ප්‍රමාණයේ වෙළෙඳසැලක් ලෙස 2004දී ඇරඹූ ව්‍යාපාරය ඉතා කෙටි කාලයකින් ශීඝ්‍ර වර්ධනයක් ළඟා කර ගනිමින් Zenith සමාගම් සමූහය බවට පත් විය. උසස් සහ විශ්වසනීය නිෂ්පාදන අලෙවි කරමින් පාරිභෝගික විශ්වාසය දිනා ගත් එම සමාගම 2010දී තොග වෙළෙඳාම් සහ දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු ඇරඹීය.

 



 

වානේ, ඉංජිනේරු, ඉදි කිරීම් සහ ජල නළ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග ආනයනය කර තොග සහ සිල්ලර ලෙස අලෙවි කිරීම Zenith Trading සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය වේ. එම සමාගම අලෙවි කරන නිෂ්පාදන අතර තීන්ත, පී.වී.සී. නළ, පීලි සහ ඩ්‍රිල් වැනි විවිධ වර්ගයේ උපාංග ප්‍රධාන තැනක් ගනී. Robbialac, Dulux, Multilac, Arpico, Orange, Makita, Bosch, Tailin, S-LON සහ Glass Wool වැනි ලොව පුරා ප්‍රචලිත සන්නාමවලට අයත් භාණ්ඩ අලෙවි කරයි. එම සමාගම ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ සමාගම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග සපයන අතර ඒ සඳහා බෙදා හරින්නන්, වාහන සහ අලෙවි නියෝජිතයන්ගෙන් සමන්විත දිවයින පුරා විහිදී ඇති බෙදා හැරීමේ ජාලයක් ඔවුන් සතු වේ. ඉතා කාර්යක්ෂම සහ විශ්වාසවන්ත සේවාවක් පාරිභෝගිකයන්ට සැපයීමට කැප වී සිටින Zenith Trading සමාගම අවශ්‍ය අවස්ථාවල අලුත්වැඩියා කටයුතු නොමිලේ කරමින් සහ දෝෂ සහිත භාණ්ඩ වෙනුවට අලුත් භාණ්ඩ සපයමින් පාරිභෝගික ගැටලුවලට ඉතා කඩිනමින් ප්‍රතිචාර දක්වයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව