ZEISS VISION CENTER දැන් කොළඹදී විවෘතයි

Webp.net-resizeimage




 

වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සමාගමේ නවතම ‘ZEISS VISION CENTER’ අක්ෂි සත්කාර මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 1 දින කොළඹදී විවෘත විය.

ZEISS යනු අක්ෂි සත්කාර සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට සුවිශේෂී හා නවීනතම අත්දැකීම් පෙළක් තිළිණ කිරීම ඉලක්ක කරගත් සංකල්පයකි. මේ වනවිට ලොව රටවල් 35 කට අධික සංඛ්‍යාවක ZEISS මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ගරු ජී. එල්. පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මහතා එක්වූහ.

උසස්ම ප්‍රමිතියෙන් යුත් අක්ෂි සත්කාර සමග නවතම පාරිභෝගික අත්දැකීමක්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම බෙහෙවින් ජනප්‍රිය වී ඇති අද වැනි යුගයක කෙනෙකු අලෙවිසැලක් වෙත පැමිණෙන්නේ සාප්පු සවාරි අත්දැකීම විඳගැනීමේ බලාපොරොත්තුවෙනි. ZEISS VISION CENTER යනු මෙම අත්දැකීම සුවිශේෂී මානයක් වෙත රැගෙන යන සංකල්පයකි. නවීනතම තාක්ෂණයෙන් හා විලාසිතාවන්ගෙන් යුත් අක්ෂි සත්කාර මෙන්ම, “ZEISS Vision Analysis” ලෙස හැඳින්වෙන සුවිශේෂී දෘෂ්ටි විශ්ලේෂණ ක්‍රියාවලිය අත්විඳිමට පාරිභෝගිකයන්ට මෙහිදී අවස්ථාව ලැබේ. ZEISS යනු අක්ෂි සත්කාර සම්බන්ධ විශේෂඥ දැනුම හා දීර්ඝකාලීන පළපුරුද්දක් හිමි සමාගමක් වන අතර, ඒ ඔස්සේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම මට්ටමේ සේවාවක් තිළිණ කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

මෙම වසරේදී ZEISS තම 175 වන සංවත්සරය සැමරීම තවත් විශේෂත්වයකි. 1846 වසරේදී ආරම්භ වූ එම සමාගම, අද දක්වාම අක්ෂි සත්කාර ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස්කම් වලට ලක්කරන පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට සමත් වී ඇත.

 

විශේෂඥ ගෘහ නිර්මාණකරණයේ සුවිශේෂී සැලැස්මක්

සෑම ZEISS අක්ෂි සත්කාර මධ්‍යස්ථානයක්ම එයටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සමගින්, ZEISS මූලිකාංග ඔස්සේ පොදු අනන්‍යතාවක් නිරූපණය වන පරිදි සැලසුම් කර තිබේ. මේ ඇතැම් මූලිකාංග වලට පේටන්ට් බලපත්‍ර පවා හිමි වී ඇත. මෙම සුවිශේෂී සැලසුම, දෘශ්‍ය විශ්ලේෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට පැහැදිලිව මඟපෙන්වන අතර, මධ්‍යස්ථානය තුළ එහි සුවිශේෂී බව මැනැවින් නිරූපණය වන පරිසරයක් නිර්මාණය කරයි. ඉදිරියේදී මෙරට පාරිභෝගිකයන්ටද කොළඹ නගරයේ පිහිටි, වර්ග මීටර 335 ක ඉඩ ප්‍රමාණයකින් යුත් ZEISS මධ්‍යස්ථානයේදී මෙම අත්දැකීම විඳගැනීමට හැකියාව ලැබෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ZEISS සමග එක්වී ZEISS VISION CENTER වර්ගයේ, අතිනවීන අක්ෂි සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමට වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සමාගම කටයුතු කර තිබෙනවා. හුදෙක් අක්ෂි කාච අලෙවියෙන් ඔබ්බට ගිය, සුවිශේෂී, ස්වයංක්‍රීය, ස්පර්ශ විරහිත දෘශ්‍ය අත්දැකීමක් අපගේ පාරිභෝගිකයන්ට තිළිණ කිරීම මෙහි මූලික අරමුණයි. ඉදිරියේදී මෙම වර්ගයේ තවත් ZEISS මධ්‍යස්ථාන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට අප බලාපොරොත්තු වෙනවා.” වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සමාගමේ නියෝජිතයෙකු පැවසී ය.

වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සහ ZEISS අතර හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මහතා මෙසේ පැවසී ය. “ජර්මානු සමාගම් දශක ගණනාවක් තිස්සේ ව්‍යාපාරකරණයේදී විශ්වාසනීය හවුල්කරුවන් ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ යහපත් කාලපරිච්ඡේද වලදී මෙන්ම දුෂ්කර කාලපරිච්ඡේද වලදීත් එම සමාගම් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කළා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හවුල්කාරීත්වයන් අතිශයින් ඵලදායී බව මේ වනවිට පැහැදිලිව ඔප්පු වී ඇති අතර, එම සම්බන්ධතාවන් තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව පැහැදිලියි. ශ්‍රී ලංකාවේ ZEISS VISION CENTER විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම මට මහත් සතුටක්. ඒ වෙනුවෙන් මා වික්‍රමාරච්චි ඔප්ටීෂියන්ස් සමාගමට සුබපතනවා.”

ජර්මානු කර්මාන්ත හා වාණිජ ආයතනයේ ප්‍රධාන නියෝජිත Andreas Hergenroether මහතා මෙසේ අදහස් දැක්වී ය. “ලොව විශාලතම අක්ෂි කාච නිෂ්පාදක සමාගමක් වන ZEISS, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නිර්මාණශීලී විසඳුම් පිරිනැමීම සඳහා වික්‍රමාරච්චි සමාගම සමග අත්වැල් බැඳගැනීම පිළිබඳව, ජර්මානු කර්මාන්ත හා වාණිජ ආයතනයේ ප්‍රධාන නියෝජිත වශයෙන් මා ආඩම්බර වනවා. ZEISS යනු දශක ගණනාවක් තිස්සේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම සිටින සමාගමක්. පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔවුන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ ආයෝජනය කර තිබෙනවා.”

ZEISS සමූහයේ සාක් කලාප ප්‍රධානී විකාස් සක්සේනා මහතා මෙම හවුල්කාරීත්වය පිළිබඳ මෙසේ අදහස් පළකළේ ය. “ශ්‍රී ලංකාවේ වික්‍රමාරච්චි සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. ඉන්දියාවෙන් පිටත සාක් කලාපයේ ස්ථාපිත කෙරුණු ප්‍රථම ZEISS දෘෂ්ටි මධ්‍යස්ථානය මෙයයි. ජර්මානු නිෂ්පාදන වල උසස් ප්‍රමිතිය සෑම විටම අගය කරන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ජාත්‍යන්තර තලයේ ජර්මානු තාක්ෂණය, නවෝත්පාදන හැකියාව සහ පාරිභෝගික අත්දැකීම් දිගින් දිගටම සමීප කරවීමට අප කටයුතු කරනවා.”




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව