Yellow Girl සමාගම ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

MAIN IMAGE (LBN)

ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Yellow Girl පෞද්ගලික සමාගම විශිෂ්ටම ශාඛසාර රූපලාවණ්‍ය නිෂ්පාදකයා ලෙස ආසියානු ව්‍යාපාර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ එම්. ජී. නිලංකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. Yellow Girl සමාගම ඕනෑම සමකට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. එම සමාගමේ නිෂ්පාදන අතර වයිට්නින් සබන්, ෆේස් වොෂ්, ක්ලේන්සින් ක්‍රීම්, ෆේස් ක්‍රීම් සහ බොඩි ලෝෂන් ප්‍රධාන තැනක් ගන්නා අතර ඒ සෑම නිෂ්පාදනයක්ම පිග්මන්ටේෂන් වැනි තත්ත්වවලින් තොරව සම පැහැදිලිව සහ දීප්තිමත්ව තබා ගැනීමට උපකාර වේ. උසස් නිෂ්පාදන ප්‍රමිතිවලට අනුව නිෂ්පාදන කටයුතු සිදු කරන එම සමාගම තෘතීයික සහ වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ ලියාපදිංචියද ලබා ඇත.

 



 

ෆේස්බුක්, යූ ටියුබ් සහ ටික්ටොක් වැනි සෑම සමාජ මාධ්‍ය ජාලයකම ජනප්‍රිය Yellow Girl රූපලාවණ්‍ය නිෂ්පාදන නිරන්තරයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ පැසසුමට ලක් වේ. මාර්ගගත ක්‍රමයට ඇණැවුම් කර නිවසටම රූපලාවණ්‍ය නිෂ්පාදන ගෙන්වා ගැනීමටද දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට අවස්ථාව සළසා ඇත.  Yellow Girl නිර්මාතෘ ප්‍රියදර්ශනී මහත්මිය අත්දැකීම් බහුල සහ සුදුසුකම් ලත් රූපලාවණ්‍ය වෘත්තිකයෙකු වන අතර ඇය රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳව ඩිප්ලෝමාවක්ද ලබා තිබේ. ඇයගේ මඟ පෙන්වීම යටතේ කෙටි කාලයකින් විශාල දියුණුවක් ලැබූ එම සමාගම Golden Feather Awards සහ ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන වැනි සම්මාන උළෙල ගණනාවකදී සම්මාන දිනා ඇත. “මෙම සම්මානය ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ කරා ගමන් කරන්න අපට ලැබුණු විශාල ශක්තියක්. මේ ජයග්‍රහණය යථාර්තයක් කර දුන් අපගේ පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා. නිසි ප්‍රමිතියට අනුව නිපදවන රූපලාවණ්‍ය නිෂ්පාදන තුළින් අපගේ පාරිභෝගිකයන්ගේ සුන්දරත්වය තව දුරටත් ඉහළ නැංවීම අපගේ අරමුණයි.” ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව