WONDR Badminton Asia Junior Championship 2025

Capture 2 (LBN)

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20ක් එක් වෙති

ආසියාවේ රටවල් 19ක ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වෙන WONDR Badminton Asia Junior Championship 2025 ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20 දෙනකු එක්වී සිටිති.

මේ මස 18 වැනිදා සිට ලබන 27 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සෝලෝ නුවර පැවැත්වෙන එම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 10 දෙනා බැගින් ඇතුළත් වන අතර, සහන් සිරිවර්ධන සහ රන්තුෂ්ක කරුණාතිලක මහත්වරු පුහුණුකරුවන් ලෙසත්, චාන්දනී මහත්මිය ක්‍රීඩිකාවන් බාර නිලධාරිනිය ලෙසත් සංචාරයට එක්වී සිටිති. මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ද එක්වී සිටී.

 



 

ශ්‍රී ලංකාව සමඟ බෘනායි, චීනය, චීන තායිපේ, හොංකොං චීනය,  ඉන්දුනීසියාව,  ඉන්දියාව,  ඉරානය,  ජපානය,  කසක්සතානය, දකුණු කොරියාව, මැලේසියාව, මියන්මාරය, මැකාවෝ චීනය, පිලිපීනය,  සිංගප්පූරුව,  තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය WONDR Badminton Asia Junior Championship 2025 සඳහා සහභාගි වෙයි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම –

(පිරිමි) කෙනත් අරුග්ගොඩ, තිඩස වේරගොඩ, රෙෂාන් දිමුක්වැල්ලගේ, ජනීෂ ද සිල්වා, සෙනුත් පෙරේරා, නෙතිල් තෙව්මික, මනෙත් විජේගුණවර්ධන, පමිත් අත්තනායක, දිනෙව් විමලරත්න, තෙනුල් ගනේවත්ත.

(කාන්තා) රනිත්මා ලියනගේ, සිතුලි රණසිංහ, නෙත්මි රත්නායක, විශ්වනී වන්නිආරච්චි, දිලිනි අම්බලන්ගොඩගේ, ඉසුරි අත්තනායක, සිතුමි ද සිල්වා, විනුති රණසිංහ, යෙනාරා වික්‍රමසිංහ, රනුමි මානගේ

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව