Water Treatment Solution Provider of the Year සම්මානයෙන් Asia Green Solutions පිදුම් ලබයි

Asia Green Solutions

Asia Green Solutions පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී Water Treatment Solution Provider of the Year සම්මානය දිනා ගත්තේය. Asia Green Solutions ආයතනය කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින හරිත ඉංජිනේරු අවශ්‍යතා සඳහා තිරසාර සහ නව්‍ය විසඳුම් සපයයි. Water Treatment Solutions, Energy Environmental Solutions, Environmental Engineering Solutions පිළිබඳ විශේෂඥතාවක් සහිත එම සමාගමේ පළපුරුදු සහ දක්ෂ කාර්ය මණ්ඩලයෙන් උසස් තත්ත්වයේ සේවාවක් ලැබීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. එම සමාගම සපයන සේවා අතර Water Treatment Solutions ප්‍රධාන තැනක් ගනී. Water Treatment සඳහා වන විශේෂිත රසායනික ද්‍රව්‍ය, නවීන පන්නයේ උපාංග, විශේෂඥ ව්‍යාපෘති කළමනාකරණ සේවා සපයන Asia Green Solutions සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දෙයි. Water Audit & Consultation සේවාද සපයන එම සමාගම ජල පරිහරණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමටත්, වියදම් අවම කිරීමටත්, පරිසර ප්‍රමිතිවලට අනුකූලව කටයුතු කිරීමටත් කර්මාන්තවලට සහාය වේ. 



 

සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය, කසල භාවිතයෙන් බල ශක්තිය නිෂ්පාදනය, Heating හා Cooling විසඳුම් සහ Energy Audit සේවා සැපැයීම Asia Green Solutions සමාගමේ සේවා අතර වේ. Environmental Engineering සේවා අතර අපජල හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, තත්ත්ව පරීක්ෂණ සහ තිරසාරත්වය පිළිබඳ උපදේශන ප්‍රධාන වේ. පිරිසුදු ජලය සපයා ගැනීම ගෝලීය අභියෝගයක් වී ඇති වර්තමානයේ උසස් ජල රසායන සහ ඉංජිනේරු විසඳුම්වලින් එම අභියෝග ජය ගැනීම සමාගමේ අරමුණයි. තිරසාරත්වය සහ නව්‍ය බව එකට මුසු කරන Asia Green Solutions හඳුන්වා දී ඇති ජල සහ බල ශක්ති කළමනාකරණ විසඳුම්වලින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව ලැබේ. ප්‍රජාව, පාරිභෝගිකයන්, පරිසරය වැනි සෑම පාර්ශ්වයක් තුළම ධනාත්මක වෙනසක් ඇති කිරීම දැක්ම කර ගත් Asia Green Solutions දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇත. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව