![Avanthi Colombage](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/Avanthi-Colombage.jpeg)
- සංචාරකයින් භෞතික වෙළඳසැල් තුළ වැඩි වශයෙන් ඩෙබිට් කාඩ් භාවිතා කිරීම කාඩ්පත් මඟින් සිදුකල වියදම් වැඩි වීමට හේතු වී ඇත.
- දේශීය පාරිභෝගිකයින්ගේ හර වියදම් 45% කින් වර්ධනය වූ අතර දේශසීමා හර වියදම් 30% කින් පමණ වර්ධනය විය.
- 2023 වසරේ නිවාඩු සමය තුළ, දේශීය කාඩ්පත් හිමියන් සිදුකල වියදම් 35% කට වඩා වැඩිවීම සඳහා සම්බන්ධතා රහිත ගෙවීම් (contactless payment) වල වර්ධනය බලපා ඇත.
2024 අවසාන නිවාඩු සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරක සහ , දේශීය පාරිභෝගික අංශයන්හි Visa debit කාඩ් භාවිතය කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබෙන බව ඩිජිටල් ගෙවීම් පිළිබඳව ගෝලීය ප්‍රමුඛයා වන Visa (NYSE: V), නොබෝදා නිවේදනය කළේය. Visa සමාගමේ Consulting & Analytics (VCA), Visa’s advisory arm , විසින් මෙම කාලය තුළ පාරිභෝගිකයින්ගේ වියදම් රටා පිළිබඳ නිකුත් කල වාර්තාවකට අනුව මේ පිලිබඳව පෙන්වා දෙයි.
2023 සහ 2024 වසර අවසාන වියදම් විශ්ලේෂණය කිරීමේදී දේශසීමා හරහා භෞතික වෙළඳසැල් තුල ඩෙබිට් කාඩ් මඟින් සිදුකල ගනුදෙනුවල 40% ක වැඩිවීමක් දක්නට ලැබේ. එය පසුගිය වසරට වඩා 50% කට ආසන්න වැඩිවීමක් පෙන්නුම් කරයි. පසුගිය වසරට සාපේක්ෂව දේශීය පාරිභෝගිකයින් කාඩ්පත් මඟීන් සිදුකල වියදම් 35% කට වඩා වැඩි වීමක් පෙන්නුම් කරනුයේ ඔවුන් online හරහා (~55%) සහ භෞතික වෙළෙඳසැල් තුල (40% ට වඩා වැඩි) වැඩි වශයෙන් debit කාඩ් භාවිතා කිරීම නිසා වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Visa දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මෙනවිය පවසා සිටියේ , “පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් සහ අපගේ වටිනා ජාත්‍යන්තර සංචාරකයින් debit කාඩ් භාවිතා කිරීම කැපිපෙනෙන ඉහල යාම පිළිබඳව සතුටු වන බවයි. නිවාඩු සමය සහ සංචාරක අත්දැකීම් බාධාවකින් තොරව අත්විඳීමට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට Visa කාඩ්පත් පහසුවෙන්, සහ ආරක්ෂිතව භාවිතා කිරීමට අවශ්‍ය කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව ගැන අපි ආඩම්බර වෙමු.
2024 දී සංචාරකයින් මිලියන 2 කට අධික සංඛ්‍යාවක් පැමිණි අතර 2025 දී එය මිලියන 3 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය වසරට සාපේක්ෂව ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා දේශසීමා ගනුදෙනුවල 40% ක පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබුණි. මෙයට හේතු ලෙස ඩෙබිට් කාඩ් භාවිතයේ 45% ක වැඩිවීමක් මෙන්ම ක්‍රෙඩිට් කාඩ් භාවිතය 30% කට වඩා වැඩි වශයෙන් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක ආශ්‍රිත වියදම් වලින් වලින් 50% කට වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් 9 විසින් සිදු කර තිබේ. තවද මීට පෙර ඩිජිටල් ගනුදෙනු සිදු නොකළ ඇෆ්ගනිස්ථානය සහ බාබඩෝස් වැනි රටවල් 13 වඩා වැඩි නව සංචාරකයින් රට තුළට පැමිණිමද මේ සඳහා බලපා ඇත. ” සංචාරකයින් විසින් කරන ලද වියදම් වලින් බොහොමයක් නවාතැන්, ගුවන් සේවා වෙන්කරවා ගැනීම්, අවන්හල්, සිල්ලර සාප්පු සවාරි සහ අනෙකුත් සංචාරක ආශ්‍රිත වියදම් සඳහා සිදුකර තිබෙන අතර දේශීය පාරිභෝගික වියදම් ලෙස ප්‍රධාන වශයෙන් ආහාර සිල්ලර බඩු, ඇඳුම් පැළඳුම්, අවන්හල් සහ ඉන්ධන වැනි එදිනෙදා අත්‍යවශ්‍ය කාණ්ඩ කෙරෙහි සිදුකර තිබෙන බව අවන්ති සඳහන් කලාය.
ඩිජිටල් ගෙවීම් ඩිජිටල් ගෙවීම් විසඳුම් පිළිගැනීම වේගවත් කිරීම සඳහා අපි කැපවී සිටින අතර ඒ සඳහා අපගේ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු. ශ්‍රී ලංකාවේ මෙලෙස වර්ධනය වීම කෙරෙහි දායක වීමට හැකිවීම පිලිබඳ සතුටු වන අතර දේශීය හා ගෝලීය වාණිජ්‍යය බලගන්වන නවෝත්පාදන සහ විශිෂ්ටත්වය සඳහා අපි කැපවීමෙන් කටයුතු කරන බව ” ඇය තවදුරටත් පැවසුවාය.
වැඩි විස්තර සඳහා Visa.com
Contact: Uma Balakrishnan
ubalakri@visa.com