Viber සිය යතාර්ථය වර්ධනය කරන පරිශීලකයින් අනාවරණය කරයි

Webp.net-resizeimage




 

Viber හි AR කාච භාවිතය තුළින් පෙනී යන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් බොහෝමයක් තම මුහුණට ෆිල්ටර් යොදා ගැනීමට වඩා උනන්දු වන බවය. රතු හිසකෙස් සහිත ෆිල්ර්ටරයේ නැඹුරුව තුළින් AR (Lens) කාච ජනප්‍රියත්වයට පත්ව තිබේ.

පුද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කට හඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber සිය Viber කාච (Lens) භාවිතය පිළිබඳ විශ්ලේෂණයක ප්‍රතිඵල නිකුත් කර ඇත. මේ වසරේ පසුගිය ජූනි මාසයේදී ඔවුන් Snap සමඟ එක්වෙමින් මෙම විශේෂාංගය හඳුන්වාදී මාස කිහිපයක් පුරා එය ප්‍රධාන වෙළඳපොළවල් වෙත නිකුත් කළේය. කාච හඳුන්වාදුන් පළමු අවස්ථාවේ සිට මිලියන 7.3 කට අධික පරිශීලකයින් පින්තූර, වීඩියෝ, GIF වැනි මාධ්‍ය සඳහා කාච භාවිතා කර ඇත. මිලියන 5.6කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් මෙම යෙදුම තුළ තමන්ට අවශ්‍ය භාවිතා මාධ්‍ය ග්‍රහණය කිරීම් මිලියන 51.8කට වඩා ජනනය කර ඇත. මිලියන 5.6කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් මෙම යෙදුම තුළ තමන්ට අවශ්‍ය භාවිතා මාධ්‍ය ග්‍රහණය කිරීම් මිලියන 51.8කට වඩා ජනනය කර ඇත.

Viber හි මාසික ක්‍රියාකාරී පරිශීලකයින්ගෙන් (MAUs) 46%ක් කාන්තාවන් වන අතර ඉන් කාච භාවිතා කරනු ලබන ප්‍රතිශතය 56% කි. ඒ මඟින් කාන්තාවන්ගේ AR කාච භාවිතය ඉහළ යාමට වැඩි ඉඩක් ඇති බව එම දත්ත වාර්තා සඳහන් කරයි. භාවිතා මාධ්‍ය ග්‍රහණය කර යැවීමට පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වා ඇත. කාච භාවිතා කරන කාන්තාවන්ගෙන් 59% ක් භාවිතා මාධ්‍ය ග්‍රහණය කර ගන්නා අතර ඔවුන්ගෙන් 30% ක් එය යවා තිබේ. කාච භාවිතා කරන පිරිමින්ගෙන් 55% ක් භාවිතා මාධ්‍ය ග්‍රහණය කර ඇති අතර ඔවුන්ගෙන් 27% ක් එය යැවීමට කටයුතු කර ඇත.

දත්ත වලට අනුව වැඩිපුරම භාවිතා වී ඇති කාච වන්නේ ‘කාටූන් මුහුණ’, ‘විශාල ගුග්ලි ඇස්’ සහ ‘දිගු දිව’ සහිත රූප වන අතර එම කාච වඩාත්ම ජනප්‍රිය කාචය බවට පත්ව ඇත. විලාසිතා සඟරා මඟින් රතු හිසකෙස්  2021 සඳහා වර්ණ ප්‍රවණතාව ලෙස හුවා දැක්වූ අතර, එම නැඹුරුව AR ෆිල්ටර වෙත පැතිර ගියේය. ‘රතු හිස’ පරිශීලකයාට රතු හිසකෙස් ලබා දෙන කාචයක් වූ අතර එය Viber හි දෙවන වඩාත් ජනප්‍රිය කාචය විය. ලෝක වනජීවී අරමුදල (WWF) සමඟ එක්ව නිර්මාණය කරන ලද ව්‍යාග්‍ර මුහුණ සහිත කාචය ද ඉතා ජනප්‍රිය වූ අතර ඒ හේතුවෙන් ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ කාච ලෝක වනජීවී අරමුදල වෙත පරිත්‍යාග කිරීමට ද පියවර ගෙන ඇත.

ලාබාලම වයස් කාණ්ඩවල පිරිස් පමණක් නොව තරුණ හා වැඩිහිටි පිරිස්ද AR ෆිල්ටර භාවිතා කිරීමට කැමැත්තක් දක්වන බවට මෙම විශ්ලේෂණයට අදාළ ප්‍රතිඵල මඟින් අනාවරණය වී ඇත. අවුරුදු 30-40 වයස් කාණ්ඩයේ කාච භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 23% කි. අවුරුදු 40-60 වයස් කාණ්ඩයේ පරිශීලකයින් ප්‍රමාණය 18% වන අතර වයස අවුරුදු 17ට අඩු කාච භාවිතා කරනු ලබන පරිශීලකයින් ප්‍රතිශතයක් ලෙස 13% කි.

”ඉතා දුෂ්කර වසරක් තුළ, වසංගතය හේතුවෙන් බොහෝ දෙනා පුද්ගලික සබඳතා දුරස්ව පවත්වා ගැනීමත් සමඟ Viber ඔවුන්ගේ ඩිජිටල් සන්නිවේදනය වඩාත් සජීවී කිරීමට පියවර ගත්තා.” Rakuten Viber හි ප්‍රධාන සංවර්ධන නිලධාරිනී ඇනා ස්නාමෙන්ස්කායා පැවසුවාය.”ව්‍යාග්‍රයකු සේ පෙනෙන කාචයක් භාවිතා කරමින් මිතුරෙකුට සුබපැතුම් යැවීම හෝ තමන් කැමැත්තක් දක්වන වෙළඳ නාම සඳහා රූප මාධ්‍යක් මඟින් සහයෝගය පලකිරීම වැනි ක්‍රියා තුළින් මිනිසුන් එකිනෙකා සමඟ සබඳතාවයන් ගොඩනගා ගැනීම සඳහා විනෝදජනක ක්‍රම සොයමින් සිටියි.”




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව