UTE සිය කාර්යමණ්ඩලය වෙනුවෙන් ගෙවතු වගා වැඩසටහනක් අරඹයි

01 UTE -




 

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් එක්විප්මන්ට් (පුද්.) සමාගම (United Tractor and Equipment (Pvt) Limited – UTE), සිය කාර්යමණ්ඩලය වෙනුවෙන් විශේෂ ගෙවතු වගා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් 13 වන දින ආරම්භ කළේ ය. වසර 75 කට අධික ඉතිහාසය තුළ UTE සමාගම සෑම විටම සිය කාර්යමණ්ඩලයේ යහපතට මුල්තැන දුන් අතර, ‘Grow Your Own Food’ නම් මෙම ගෙවතු වගා වැඩසටහන එහි නවතම පියවරයි. රටේ පවතින ආර්ථික සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝග  හමුවේ මෙය UTE කාර්යමණ්ඩලයට ඉමහත් සහනයක් වනු නො-අනුමාන ය.

මෙම වැඩසටහන එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහභාගී වූ අතර, එම තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම ව්‍යාපෘතියේ මූලික අදියර කිහිපයක් 2022 ජූනි මාසයේදී ආරම්භ විය. ඒ සඳහා වත්තල පිහිටි UTE ප්‍රධාන කාර්යාලයේ කාර්යමණ්ඩලයෙන් විශාල සහයෝගයක් ලැබුණු අතර, වගාව සඳහා විශාල භූමි ප්‍රමාණයක්ද වෙන්කරන ලදි.

මෙම වගා කටයුතු වලින් ලැබෙන අස්වැන්න, 325 කට අධික UTE සේවක සේවිකාවන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන් අතරම බෙදාදෙනු ලැබේ. මෙය ඔවුන්ට තම ශ්‍රමයෙන් සෘජුව ප්‍රයෝජන ලැබීමට ලැබෙන මහඟු අවස්ථාවකි. ව්‍යාපෘතිය වඩාත් සාර්ථක කරගැනීම සඳහා කෘෂි නිලධාරීන්ගේ සහය ලබාගැනීමට UTE සමාගම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් UTE ශාඛා වලද මෙම වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය, තමන්ගේ ගෙවතු වලද ආහාර භෝග වගා කරමින්, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝග පහසුවෙන් ජයගැනීමට UTE කාර්යමණ්ඩලය දිරිමත් කරනු ඇත. එමෙන්ම මෙය තම කාර්යාලයේ අනෙකුත් සාමාජික සාමාජිකාවන් සමග සහ පවුලේ අය සමග සතුටින් හා අර්ථවත් ලෙස කාලය ගතකිරීමට ඔවුන්ට ලැබෙන මහඟු අවස්ථාවක්ද වනු නිසැක ය.

මෙම ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් UTE සේවක සේවිකාවන්ගේ දරුවන් වෙනුවෙන් ‘Home Garden’ නමින් සිතුවම් වැඩසටහනක් සංවිධානය කිරීමටද UTE කටයුතු කළේ ය. මේ සඳහා ඉදිරිපත් වුණු චිත්‍ර එකතුව ඇතුළත් ප්‍රදර්ශන පුවරුව, ව්‍යාපෘතියේ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් විවෘත කරන ලදි.

“මෙය හුදෙක් ගෙවතු වගා වැඩසටහනක් පමණක් නොවෙයි. මෙය බලාපොරොත්තුවක සහ ජයග්‍රහණයක ආරම්භයක්. රටේ අනෙකුත් සමාගම්ද මෙම ආදර්ශය අනුව කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වනවා. මේ කැපවීම, සේවාව සහ රටට දක්වන ආදරය වෙනුවෙන් ඔබට ස්තූතියි.” ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පැවසුවා ය.

“ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීන අත්දැකීම් හිමි සමාගමක් වශයෙන් අප සෑම විටම ජනතාවට යහපතක් සිදුකරන ක්‍රියාකාරකම් වලට දායක වීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් ඇතුළුව ලොව පුරාම ජනතාව ආහාර සැපයුම සම්බන්ධ අවිනිශ්චිතතාවන්ට මුහුණ දෙමින් සිටින යුගයක ‘Grow Your Own Food’ නමින් මෙම  කාලෝචිත වැඩසටහන දියත් කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. UTE යනු කවදත් සිය කාර්යමණ්ඩලය ඇතුළුව සමස්ත මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවෙන සමාගමක්. මේ නවතම වැඩසටහන ඔස්සේ ජනතාවට වර්තමාන අභියෝග වලට මුහුණ දීම සඳහා ශක්තියක් වෙමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අපගේ බලාපොරොත්තුවයි.” යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් එක්විප්මන්ට් (පුද්.) සමාගමේ සභාපති ප්‍රසාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

වසර 75 කට අධික කාලයක් පුරා තම විශිෂ්ට ඉංජිනේරු හැකියාවන් සමගින් UTE ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම පාරිභෝගිකයන් වෙනුවෙන් ක්ෂේත්‍ර රාශියකට අදාළ විශිෂ්ටතම විසඳුම් හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ට අවශ්‍ය අව්‍යාජ CAT® අමතර කොටස් මිලියන 1.4 කට අධික ප්‍රමාණයක් ඉතාමත් පහසුවෙන් ඇණවුම් කිරීමට හැකි වන ආකාරයට Parts.Cat.Com වෙබ් අඩවිය හඳුන්වා දී ඇත. මෙම වෙබ් අඩවිය ජංගම දුරකථන ඔස්සේ පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සකස් කර ඇති අතර, දවසේ පැය 24 පුරාම අමතර කොටස් ඇණවුම් කිරීමේ හැකියාව පවතී. අවශ්‍ය නම් මෙම අමතර කොටස් පාරිභෝගිකයා වෙතටම ගෙනගොස් භාරදීමටත්, නැතිනම් UTE ශාඛා වෙතින් ඒවා ලබාගැනීමේ පහසුකම් සැලසීමටත් සමාගම පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ Caterpillar යන්ත්‍රෝපකරණ සඳහා එකම බලයලත් නියෝජිත වන UTE, CAT® ලිහිසි තෙල් නිෂ්පාදන බෙදාහැරීමද සිදුකරයි. දිවයිනේ වඩාත්ම පළපුරුදු සහ විශාලතම පාරිභෝගික සහය කණ්ඩායම සහ Caterpillar පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් කණ්ඩායම UTE සමාගම සතු ය. මේ වනවිට පංචිකාවත්ත, මාතර, කුරුණෑගල, අනුරාධපුර සහ කිලිනොච්චි යන ප්‍රදේශ වල ශාඛා පිහිටුවා ඇති UTE සමාගම, දිවයින පුරාම වෙසෙන පාරිභෝගිකයන්ට සේවාවන් සලසයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව