Upfield, ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදනයන්හී ශාක පෝෂණය ඉහළ නංවයි

Upfield Press Release Image

 




 

 

ලොව විශාලතම ශාකමය පෝෂණ සමාගම වන Upfield ඇස්ට්‍රා සහ ෆ්ලෝරා තැවරුම් වැනි ඉහළ ශාකමය පෝෂණයෙන් යුත් නිෂ්පාදන හරහා තිරසාර ආහාර සංස්කෘතියක් බිහිකිරීමෙහිලා කැපවීමෙන් ක්‍රියා කරන බව නිවේදනය කරයි. 1871 වර්ෂයේ ස්ථාපිත Upfield සමාගම “ශාක පෝෂණය තුළින් හොද අනාගතයක්” යන අරමුණ පෙරදැරි කර ගෙන ශාකමය ආහාර රටාවකට ජනතාව හුරුකරවීමට ක්‍රියා කරයි.

“අප ජීවත් වන පරිසරයේ දිගු කාලීන පැවැත්ම රදා පවතින්නේ අපේ වර්තමාන පුරුදු සහ පරිභෝජන රටාව මතය. හිතකර ශාකමය ආහාර රටාවකට හුරුවීම අනාගත පරිසරය සුරැකීමෙහිලා කාලීන අවශ්‍යතාවයක් වී ඇත. එමනිසාම, ඉහළ පෝෂණයකින් යුත් මෙන්ම පරිසරය හානිය, හරිතාගාර වායු බැහැර වීම, ජෛව විවිධත්වයට සිදුවන බලපෑම අවම කරන සහ ජලයේ සහ පසේ ගුණත්වය ඉහළ නංවන ආහාර රටාවකට පුරුදු වීම ඉතාමත් වැදගත් ය.” මේ සම්බන්ධයෙන් දිගු කාලයක් මුළුල්ලේ කැප වෙමින් පෝෂණ ගුණයෙන් සහ රසයෙන් නොඅඩු අව්‍යාජ, තිරසාර ආහාර නිෂ්පාදනයන් හදුන්වාදීමට Upfield, ක්‍රියා කරන බව Upfield ශ්‍රී ලංකා ආයතනයේ අලෙවිකළමනාකාරිණිය ෂෙහානි ලියනගේ මහත්මිය පැවසුවා ය.

ශාකමය තැවරුමක් වන ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන දෙකම කිරිවලින් නිෂ්පාදිත බටර් වලට සාපේක්ෂව දේශගුණික බලපෑම් සදහා හේතුවන කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම 70% කින් අවම කරයි. එපමණක් නොව ශාකමය තැවරුම් නිෂ්පාදන ක්‍රියාවලිය භූමි පරිභෝජනය වසරකට වර්ග මීටර් 8 කින් අඩු කරන අතර ජල පරිභෝජනය ලීටර් 100 කින් අඩු කරයි. ශාකමය තැවරුම් කිරිවලින් නිෂ්පාදිත බටර් වලට සාපේක්ෂව පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් කිරීම කි. ග්‍රෑම් 09 කින් අඩු කරයි.

“ලෝකය පුරා වෙසෙන ජනතාව ඔවුන්ගේ ආහාර රටාවන් වෙනස් කරමින් සෞඛ්‍යය සහ ආචාරධර්මානුකූල හේතු නිසා ශාකමය ආහාර සදහා යොමු වෙමින් පවතී. සුළුවෙන් වුවත් මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ද දැකි ය හැකි ය. Upfield හී අපි ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනා ගත් නිෂ්පාදන දෙකක් වන අස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදකයින් ලෙස මෙම වටිනා පරිවර්තනය සදහා සතුටෙන් දායක වන්නෙමු.” යැයි Upfield ශ්‍රී ලංකා ආයතනයේ අලෙවිකළමනාකාරිණිය ෂෙහානි ලියනගේ මහත්මිය පැවසුවා ය.

විටමින් ඒ සහ ඩී වලින් අනූන ඇස්ට්‍රා වැඩෙන දරුවන්ගේ පෝෂණීය තේරීම ලෙස මව්වරුන්ගේ විශ්වාසය දිනා ගෙන ඇත. විටමින් ඒ සම පෝෂණය කරන අතර ඇස් පෙනීම වර්ධනය කරයි. විටමින් ඩී මාංශ පේෂීන් වර්ධනයට මෙන්ම අස්ථිවල ශක්තිමත්භාවය වැඩි කිරීමට හේතු වේ. එපමණක් නොව, මෙම දිනවල පවත්නා වසංගත තත්ත්වයට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව ලබා දෙමින් මෙම විටමින් දෙකම මිනිස් සිරුරේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට හේතු වේ. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් ඉහළ රසවත් නිෂ්පාදනයක් ලබා දීම සදහා ජාත්‍යන්තර මෙන්ම දේශීය ප්‍රමිතීන්ට අනුකූලව සෞඛ්‍යයට අහිතකර ට්‍රාන්ස් මේදයෙන් තොර බව තහවුරු කරන නව තාක්ෂණික ක්‍රියාවලියක් හරහා ඇස්ට්‍රා නිෂ්පාදනය කරයි.

සෞඛ්‍යයට හිතකර තැවරුමක් ලෙස ප්‍රචලිත ෆ්ලෝරා, නිෂ්පාදනය කරනුයේ ඔමේගා 3 සහ 6 පෝෂක අඩංගු සූරියකාන්ත සහ කැනෝලා යන මෘදු මේදය භාවිත කරමිනි. ඔමේගා 3 සහ 6 මිනිසුන්ගේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන අතර හදවත් සෞඛ්‍යය සදහා ඉතාමත් හිතකර වේ.

සමාගමේ මූලික දැක්ම වන “ශාක පෝෂණය තුළින් හොද අනාගතයක්” යන්න හා සමගාමීව Upfield සෑම විටම පර්යේෂණ සහ සංවර්ධනය සදහා වැඩි වැඩියෙන් ආයෝජනය කරමින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම් අවම කරන පෝෂණයෙන් මෙන්ම රසයෙන් ද ඉහළ නිෂ්පාදන හදුන්වාදෙයි.

ඒ අනුව, පරිසර හිතකාමී ආචාරධර්මානුකූල ආහාර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ජාත්‍යන්තර බලවේගයට Upfield දායකත්වය ලබා දේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව