UNICEF Sri Lanka තිරසර සංවර්ධනය සහ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ව්‍යාපාරික කවුන්සිලය එළිදක්වයි

thumbnail_WhatsApp Image 2023-06-28 at 8.02.34 PM (LBN)

 



 

 

2023 ජූනි 28 කොළඹ – UNICEF Sri Lanka සංවිධානය මෙරටේ ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාරික කවුන්සිලය පසුගියදා එළිදක්වනු ලැබීය. එය UNICEF සහ ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රධානීන් හා තීරකයින් අතර උපායමාර්ගික වශයෙන් ඇතිකර ගනු ලැබූ හවුල්කරීත්වයකි.

අභිනවයෙන් පිහිටුවන ලද ව්‍යාපාරික කවුන්සිලය ළමා අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ ප්‍රජාවගේ සුභ සාධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අතර ඊට පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් දායක වී ඇත. තෝරාගත් ව්‍යාපාරික ප්‍රධානීන් තම ආයතනවල ප්‍රවර්ධන කටයුතු ඇතුළු ව්‍යාපාරික අරමුණු සියල්ල පසෙකින් තබා සද්භාවයෙන් යුත් පුද්ගලයන් වශයෙන් මෙම ව්‍යාපාරික කවුන්සිලය හා සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

මෙය ඉදිරියට පවත්වාගෙන යාමේදී, ළමුන්ගේ සහ තරුණයින්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා උපායමාර්ග, විවිධ මුලපිරීම් සහ සහයෝගීතාවය ආදී ක්ෂේත්‍ර පිළිබඳව කතිකා කිරීම සඳහා එම කවුන්සිලයේ සාමාජිකයින් වරින් වර රැස්වීම් පවත්වනු ලබයි. ඔවුන්ගේ සාමූහික ප්‍රවීනත්වය, නායකත්වය සහ සමාජ වගකීම් වෙනුවෙන් ලබා දෙන දායකත්වය හා කැපවීම නව විසඳුම් සහ හවුල් වටිනාකම් නිර්මාණය කිරීම සඳහා අවකාශය සලසා දේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් UNICEF Sri Lanka සංවිධානයේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා මෙසේ පැවසීය. “ව්‍යාපාරික ප්‍රධානීන් සහ තීරකයින් වෙනුවෙන් වේදිකාවක් සකසා දෙමින් UNICEF Sri Lanka ව්‍යාපාරික කවුන්සිලය ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම මෙම කවුන්සිලය හරහා, ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ජීවිතවලට දිගු කාලීන බලපෑමක් ඇති කිරීමට පෞද්ගලික අංශයේ ශක්තිය දායක කර ගැනීමට අප අරමුණු කරගෙන සිටිනවා.”

UNICEF සංවිධානය පෞද්ගලික අංශය හා වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින්, ව්‍යාපාරික ප්‍රධානීන්, කර්මාන්ත සංගම් සහ ආයෝජකයින් ඇතුළු පුළුල් පරාසයක පාර්ශවකරුවන් සමගින් එක්ව කටයුතු කරනු ලබයි. ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධන ඉලක්ක පවත්නා ව්‍යාපාර ආකෘතිවලට ඒකාබද්ධ කිරීම හරහා ළමුන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් සිය උපරිම කැපවීම ඉටු කරමින් තිරසරත්වය අත් කර දීම UNICEF සංවිධානයේ අරමුණ වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය මෙසේ පැවසුවාය. ”දරුවන්ගේ ජීවිත නඟා සිටුවීමට සහ ඔවුන්ගේ අයිතීන් සුරැකීම සහතික කිරීමට එක්ව වැඩ කිරීමේ වැදගත්කම අපි සාමූහිකව හඳුනාගත යුතුයි. UNICEF ව්‍යාපාරික කවුන්සිලය හරහා සම අදහස් ඇති ව්‍යාපාරික ප්‍රධානීන් සහ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා කදිම අවස්ථාවක් සලසා දෙනවා. ඒ අනූව ප්‍රාමාණික වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අපට පුළුවන්.”

මෙම ව්‍යාපාරික කවුන්සිලය සඳහා සාමාජිකයින් ලෙස Jetwing Travels (Pvt.) Ltd හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ, United Nations Global Compact (Network Sri Lanka) හි විධායක අධ්‍යක්ෂ රතික ද සිල්වා, Dilmah Ceylon Tea Company PLC හි ප්‍රධාන විධායක නිලධාරී දිල්හාන් ප්‍රනාන්දු, Aitken Spence PLC හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ශ්‍රී ලංකාව) සභාපති ශනිල් ප්‍රනාන්දු, Asia Pacific Alliance for Disaster Management හි අධ්‍යක්ෂ ෆිර්සාන් හෂීම්, Brandix Apparel Limited සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර්, Cargills (Ceylon) PLC හි උප සභාපති රංජිත් පේජ්, Softlogic Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ, Sampath Bank PLC හි කළමනාකරණ අධ්‍යක්ෂිකා අයෝධ්‍යා පෙරේරා, Hayleys Plantation Sector හි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් රාජදුරෙයි,  Printcare PLC හි ප්‍රධාන විධායක නිලධාරී කේ.ආර්. රවීන්ද්‍රන්, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, Ceylon Biscuits Limited හි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ ශාමලී වික්‍රමසිංහ, සහ Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව