UNICEF හි දකුණු ආසියානු කලාපීය තානාපති සචින් ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකීය දූවා දරුවන්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග කාලය ගත කරයි.

UNI422187 (LBN)

 



 

 

රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වීමත් සමග දරුවන් ඇතුළු මිලියන 3.9 පමණ ජන ප්‍රජාවකට ප්‍රමාණවත් තරමින් ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති අතර, ළමුන් මිලියන 4.8 ක් පමණ සංඛ්‍යාවකට සිය අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම මහත් දුෂ්කර වී තිබේ. ප්‍රවෘත්ති නිවේදනය
කොළඹ/ කත්මණ්ඩු, 2023 අගෝස්තු 08: UNICEF හි දකුණු ආසියානු කලාපීය තානාපතිවරයා වන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් මහතා සංචාරයක නිරතවීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. සබරගමුව පළාතේ ක්‍රියාත්මක UNICEF වැඩසටහන් පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු සංචාරයක නිරත විය. එහිදී COVID වසංගත කාලය තුළදී සහ 2022 වසරේ පැවති ආර්ථික අර්බුදකාරී වාතාවරණයන් හමුවේ පීඩාවට පත් වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිළිබඳව සොයා බලමින් ඔවුන් හමුවීමට ඔහු කටයුතු කළේය.
ශ්‍රී ලංකාව හා සමගින් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සහ 2015 වසරේ UNICEF ආයතනය සමග ක්‍රියා කළ ආකාරය පිළිබඳ සිය මතකයන් ටෙන්ඩුල්කාර් මෙම අවස්ථාවේදී සිහිපත් කළේය. අභියෝගාත්මක වාතාවරණයන් හමුවේ මෙරට තුළ සාධනීය වෙනසක් ඇති කිරීම සඳහා සියලු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන දරන උත්සාහය සම්බන්ධයෙන් ඔහු මෙම අවස්ථාවේදී සිය ප්‍රසාදය පළ කළේය.


මෙම ක්ෂේත්‍ර චාරිකාව අතරතුර සචින් පෙර පාසලක් වෙත ගොස්, UNICEF මගින් ක්‍රියාත්මක කර ඇති පාසල් සඳහා දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන හරහා දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීමේ ක්‍රියාවන්ට සහය විය. 2022 වසරේ අගෝස්තු මාසයේ සිට UNICEF මගින් ක්‍රියාත්මක කර ඇති දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන යටතේ රට පුරා පෙර පාසල් දරුවන් 50,000 ක් ඇතුළුව පාසල් 1,400 කට ආසන්න ප්‍රමාණයකට පෝෂ්‍යදායී ආහාර ලබා දීමට කටයුතු කරයි. ආහාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පාසල් වෙත දරුවන්ගේ පැමිණීම වර්ධනය කිරීමට ද UNICEF සහය විය.
”දරුවන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීම සඳහා පෝෂණ ගුණයෙන් පිරි ආහාරයක් සහ ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍ය වනවා. අපි ඔවුන්ගේ අධ්‍යාපනය සහ පෝෂණය වෙනුවෙන් ආයෝජනය කරනවා. එම ආයෝජනය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පමණක් නොව එය සෑම රටකම අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමක්” බව මෙහිදී අදහස් දක්වමින් සචින් පැවසීය.
ඔහු තවත් පාසලක් වෙත යමින් එහි 3 ශ්‍රේණියේ ළමුන් සඳහා කෙරෙන ඉගැන්වීම් සහ සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිරීක්ෂණයට ලක් කරනු ලැබීය. ඔහුගේ පැමිණීම එම පාසලේ සිසුන්ට මතකයේ රැඳී අත්දැකීමක් වූ අතර ඔවුන් මහත් වූ උනන්දුවකින් ඔහු වෙත පැමිණ අදහස් හුවමාරු කර ගත්තේය. ඉන් අනතුරුව සචින් එම පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී සිටින ජ්‍යෙෂ්ඨ පාසල් සිසු සිසුවියන් සමග සම්බන්ධ විය.


”මාත් සමග කතා කළ දරුවන් හට විශාල දක්ෂතාවයන් තිබෙනවා. ඔවුන්ට හොඳ අනාගතයක් වගේම ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් ශක්තිමත්ව පවතිනවා. අපි ඔවුන්ට දිගටම සහය ලබා දිය යුතුයි. එවිට එම දරුවන් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා දිගටම ක්‍රියා කරනවා” යැයි සචින් එම අවස්ථාවේදී වැඩිදුරටත් පැවසීය.
වතුකර ජනයාගේ ජීවන තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා සචින් වතුකර ප්‍රදේශ වෙතද ගමන් කළේය. ඔහුගේ ප්‍රධානත්වය ඇතිව අඩු ආදායම් ලාභී පවුල්වල ආර්ථික මට්ටම නගා සිටුවීම සඳහා UNICEF විසින් ලබා දෙන දායකත්වයේ කොටසක් වන, වයස අවුරුදු දෙක දක්වා දරුවන් සිටින 110,000කට වැඩි පවුල් සංඛ්‍යාවකට ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණි.
සචින් ශ්‍රී ලංකාවේ තරුණයින් පිරිසක් සමග සුහද පිළිසඳරක යෙදෙමින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීම පිළිබඳව ඔහුගේ අත්දැකීම් හුවමාරු කර ගත්තේය. එමෙන්ම බාධක ජයග්‍රහණය කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ තම ඉලක්කය පසු පස හඹා යාම යන කාරණා පිළිබඳව ඔහු එම කතාබහේදී තරුණයන්ගේ අවධානයට යොමු කළේය. මෙම තරුණයන් පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ UNICEF විසින් සහාය ලබා දෙන ළමා සමාජ ජාලයේ කොටසකි.


සචින් ටෙන්ඩුල්කාර් 2013 වසරේදී දකුණු ආසියාව සඳහා UNICEF කලාපීය තානාපතිවරයා ලෙස පත් කරන ලදී. එතැන් සිට ඔහු දකුණු ආසියානු කලාපය තුළ දරුවන්ගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව