UBION සහ KOICA එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා Capacity Building Training පවත්වයි

Image (LBN)

TVET Career Platform ව්‍යාපෘතිය ආයතන 70කට සහ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් 200ක් වෙත ළඟා වේ.

Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ හවුල්කාරීත්වයකට එළෙඹ ඇත. මෙහි මූලික අරමුණ වනුයේ  ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්ගේ (CGOs) නිපුණතා සහ වෘත්තීය ප්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමයි.

 




 

2024 ජූලි 9 සිට 2024 ජූලි 11 දක්වා අතුරුගිරියේ පිහිටි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් 30කට ආසන්න පිරිසක් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වූ අතර එම වැඩසටහහෙන් අනතුරුව අනුරාධපුරය සහ බදුල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් 200කට අධික පිරිසක් වෙනුවෙන් සති හයක සුවිශේෂී පුහුණු වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතය.

මෙම පුහුණු වැඩසටහන වෘත්තීය මාර්ගෝපදේශක වෘත්තිකයන් පිළිබඳ හැඳින්වීමක් ඇතුළුව මාතෘකා කිහිපයක් ආවරණය කරන අතර TVEC හි සහතික කිරීමේ නිලධාරීන් විසින් NVQ 4-5 මට්ටමේ වෘත්තීය මාර්ගෝපදේශක වෘත්තිකයන් පිළිබඳ පුළුල් විශ්ලේෂණයක්, පුහුණු අන්තර්ගතයන් සහ අරමුණු විස්තර කරනු ඇත. මානව සම්පත් සාමාන්‍යාධිකාරී අජිත් බෝපිටිය මහතා විසින් වෘත්තීය මාර්ගෝපදේශන පුහුණුව පවත්වනු ලැබීමට නියමිත අතර, වෘත්තීය මාර්ගෝපදේශනයේ න්‍යායාත්මක රාමු සහ ප්‍රායෝගික භාවිතයන් ආවරණය වන ගැඹුරු පුහුණුවක් මෙහිදී ලබා දෙනු ඇත.

අවසාන වශයෙන්, කොරියානු වෘත්තීය සංවර්ධන උපදේශක පුහුණුවීම් පිළිබඳ විශ්ලේෂණයක්, කොරියාවේ වෘත්තීය සංවර්ධන උපදේශකවරුන්ගේ භූමිකාවන් සහ නිපුණතා සහ කොරියාවේ NVQ, NCS සහ රැකියා ප්‍රතිපත්ති පිළිබඳ හැඳින්වීමක් ලබා දීමට නියමිත අතර එය ගෞරවනීය කොරියානු වෛද්‍යවරයෙක් සහ මහාචාර්යවරයෙක් විසින් මෙහෙයවනු ඇත.

මෙහිදී හුවමාරු වන දැනුම සෑමදෙනාටම ලබාගැනීමට හැකිවන ලෙසින්, මූලික පුහුණු සැසි YouTube හි සජීවීව විකාශනය කරන ලද අතර ප්‍රධාන සැසි පටිගත කර වෘත්තීය වේදිකාව වෙබ් අඩවියට අප්ලෝඩ් කරනු ලැබේ. එමඟින් මෙම පුහුණු සැසි සඳහා සහභාගී වීමට නොහැකි වූ අයටද ප්‍රයෝජන ගතහැකි බව සහතික වනු ඇත.

KOICA, UBION සහ TVEC ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනික සහ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීම වෙනුවෙන් එක්සත් වී ඇත. මෙවැනි අඛණ්ඩ මුලපිරීම් තුළින්, දේශීය හා ගෝලීය රැකියා වෙළඳපොළේ ඉල්ලීම් සපුරාලීමට සැදී පැහැදී සිටින අතිශය ඉහළ නිපුණතා සහිත ශ්‍රම බලකායක් බිහි කිරීම මෙම සංවිධානවල අරමුණයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව