TVS මෝටර් සමාගම ශ්‍රී ලංකාව තුළ විදුලි යතුරුපැදි ක්ෂේත්‍රය පුළුල් කරමින් TVS iQube 2.2 kWh හඳුන්වා දෙයි

TVS iQube 2.2 kWh Launch PR Pic#2 - Mr. Madhu Prakash Singh, Associated Vice President, TVS Motor Company, India (LBN)

ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන TVS Motor Company (TVSM), ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ශ්‍රී ලංකා වෙළෙඳ පොලට හඳුන්වා දෙන ලදී. ඒ අනුව TVS iQube දැන් විවිධ පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින් මිලදී ගත හැකියි.

පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහනයේ පුරෝගාමියෙකු ලෙස, TVS නව්‍ය, විශ්වාසදායක සහ ආකර්ෂණීය වාහන නිපදවමින් විදුලි වාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ස්ථිරව කැපවී සිටියි. මෙම කැපවීම TVS Lanka සමඟ බැදූනු ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් මගින් තවදුරටත් වැඩි දියුණු කර ඇත. TVS iQubeහි නව 2.2 kWh බැටරි මාදිලිය සැලසුම් කර ඇත්තේ විදුලි වාහන ක්ෂේත්‍රය පුළුල් කිරීමට සහ පාරිභෝගිකයින් සඳහා අඩු පිරිවැයක් ඇති ගුණාත්මක යතුරුපැදියක හිමිකම ලබාදීමටය.
 



 
ප්‍රධාන මූලධර්ම තුනකින් ආභාෂය ලබා ඇති TVS iQube, තාක්ෂණය, පහසු සහ ඉක්මන් ආරෝපණය සහ මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට විශාල මාදිලි පරාසයක් ලබා දීමටත්; වාහන ආරක්ෂක ක්‍රම සමග උසස් අත්දැකීමක් ලබාදීමටත් භාවිතයට පහසු විශේෂාංග හරහා පාරිභෝගිකයින්ට හොඳ අත්දැකීමක් ලබාදීමටත් කැපවී සිටියි.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් TVS මෝටර් සමාගමේ විදුලි වාහන ජාත්‍යන්තර ව්‍යාපාරයේ උප සභාපති මධු ප්‍රකාශ් සිං මහතා පැවසුවේ, “TVS iQube දියත් කර මාස කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ එය ප්‍රචලිත වෙමින් පැවතීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙය TVS හි නව්‍ය සහ විශ්වාසනීය විදුලි වාහන විසඳුම් කෙරෙහි අපගේ පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ශක්තිමත් කරයි.ලෝකය පුරාම TVS iQube තෘප්තිමත් පාරිභෝගිකයින් ලක්ෂ 4ක ලඟා කරගෙන ඇති අතර, තිරසාර ප්‍රවාහන විකල්පයක් ලෙස එහි සාර්ථකත්වය අවධාරණය කරයි. 2.2 kWh බැටරි සහිත නව ස්කුටරය හඳුන්වාදීමේ මිල රුපියල් 799,000 වන අතර විදුලි වාහන මඟින් ගමනාගමනය වඩාත් පහසුවෙන් ලබාගැනීමට අපගේ කැපවීමේ තවත් පියවරක් සනිටුහන් කරයි. ගෘහස්ත විදුලියෙන් වේගවත්ම ආරෝපණය කිරීම, පැය දෙකකට අඩු කාලයකදී 0-80% ආරෝපණයක් ලබා ගැනීම, සැලකිය යුතු අඩු ධාවන පිරිවැයක් නිසාම මෙම නිෂ්පාදනය වැඩි පහසුවක්, දැරිය හැකි මිලක් සහ අසමසම ධාවන අත්දැකීමක් ලබා දීමට නිර්මාණය කර ඇත” යනුවෙනි.

නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් TVS Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා පැවසුවේ, “TVS Lanka හි අප TVS iQube කෙටි කාලයක් තුළ ලබාගෙන ඇති ප්‍රතිචාරය පිළිබඳව සාඩම්බරයට පත් වෙමු යනුවෙනි. ශ්‍රී ලංකාවේ විදුලි යතුරුපැදි වැඩිවෙමින් පැවතීම රට තිරසාර සංචලනය වෙත මාරුවීමේ හොඳ සලකුණක් වන අතර මෙම සංක්‍රාන්තිය වේගවත් කිරීමට අපි කැපවී සිටිමු. නව 2.2 kWh ස්කුටරය දියත් කිරීමත් සමඟ, පහසුවෙන් ලබාගත හැකි අමතර කොටස් සහ දක්ෂ කාර්මික ශිල්පීන් ඇතුළු සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවේ සහාය ඇතිව, අපගේ දිවයින පුරා පුළුල් අලෙවි ජාලය හරහා ඉතා පහසුවෙන් සේවාවන් ලබාගත හැකි බව අපි සහතික කරමු යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම TVS iQube 2.2 kWh බැටරි සහිත ස්කුටරය අද සිට TVS iQube Sri Lanka වෙබ් අඩවියෙන් (https://www.tvsmotor.com/en/lk/our-products/tvs-iqube) සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් 14 දෙනෙක් හරහා වෙන්කරවා ගත හැකිය. 2025 ජනවාරි වන විට ශ්‍රී ලංකාව පුරා තවත් අලෙවි මධ්‍යස්ථාන 25 දක්වා වැඩි කිරීමට සියල්ල සුදානම්ව තිබේ.

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව