TRI-ZEN Apartments සඳහා Laundry සේවා සහ සෞඛ්‍ය සේවා පහසුකම් සලසා දෙමින් නිවැසියන්ගේ ජීවන රටාව උසස් මට්ටමකට ගෙන එයි

Sitrek (2) (LBN)

John Keells Properties සමාගම (JKP) විසින් ඉදිකරනු ලැබූ TRI-ZEN හි මහල් නිවාස සඳහා අගය එකතු කරන ලද සේවාවන් ලෙස Laundry සේවා සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා පහසුකම් එක් කරමින් එහි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයට වටිනා කමක් එක් කිරීමට සමත්ව ඇත. එහි Laundry සේවා සපයනු ලබන හවුල්කරු වශයෙන් Laundroplus (Pvt) Ltd ආයතනය සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා  Sitrek Home Nursing and Swift Care (Pvt) Ltd ආයතනය TRI-ZEN හි මහල් නිවාස හිමියන්ට පෙර අත්නොවිඳි සේවාවක් ලබා දීම සඳහා TRI-ZEN සමගින් අත්වැල් බැඳගෙන ඇත.

 




 

John Keells Properties සමාගම සහ Laundroplus (Pvt) Ltd ආයතනය අතර මේ සඳහා වන අවබෝධතා ගිවිසුම 2024 මැයි මස 20 වන දින අත්සන් කරන ලදී. Laundroplus Laundry සේවාව රෙදි සේදුම් කටයුතු වලට අදාළ රෙදි වියලීම, නැමීම, මැදීම සහ වියලා පිරිසිදු කිරීම ඇතුළු උසස් මට්ටමේ සේවා සැපයීමේ පුළුල්  ව්‍යාපාරයක නියැලී සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Laundroplus සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චරිත් ගුණතිලක මහතා මෙසේ පැවසීය. ”TRI-ZEN වැනි ව්‍යාපෘතියක් සමගින් සම්බන්ධ වීමට සහ පිළිගත් සමාගමක් වන John Keells Properties සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. Laundroplus විසින් Cinnamon Grand හෝටලයේද රෙදි සේදුම් සේවා පහසුකම් කළමනාකරණය කරන අතර ගුණාත්මක Laundry සේවාවක් ලබා දීම වෙනුවෙන් ඉහළ පිළිගැනීමක් ලබා ගෙන තිබෙනවා. TRI-ZEN හි පදිංචිකරුවන් වෙත මෙම සේවාව ගෙන ඒමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අවශ්‍ය නම් ස්වයං සේවා රෙදි සේදුම් යන්ත්‍ර සහ වියළන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පාරිභෝගිකයින්ට සහාය වීමට අපගේ හොඳ පළපුරුදු සහ වෘත්තීමය කාර්ය මණ්ඩලය ඉදිරිපත්ව සිටිනවා. එසේ නැත්නම් නිවාස හිමියන්ට ඔවුන් විසින්ම එම කටයුතු කර ගැනීමට අවස්ථාව තිබෙනවා. ඕනෑම පදිංචිකරුවෙකුට මැදීම් සහ වියලා පිරිසිදු කිරීමේ සේවාවන් ඇතුළත් සම්පූර්ණ Laundry සේවාවක් අවශ්‍ය වුවහොත්, ඒ සඳහා Cinnamon Grand Hotel හි ඇති අපගේ පහසුකම වෙත මාරු කර යවා TRI-ZEN හි අපගේ අලෙවිසැලෙන් එම භාණ්ඩ එකතු කරගනිමේ අවස්ථාව තිබෙනවා. Laundroplus විසින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ රෙදි සේදීමේ  කටයුතු සඳහා අවශ්‍යතාවයන් ඇති වූ විට Laundroplus APP එක හරහා හෝ SMS මගින් දැනුම් දීමේ හැකියාව ද සලසා දී තිබේ. ඒ මගින් රෙදි සේදීම සඳහා වැය කරන වටිනා කාලය සැලකිය යුතු ලෙස අවම කරනු ඇත.”

මීට අමතරව, SITREK Home Nursing and Swift Care (Pvt) Ltd ආයතනය TRI-ZEN හි සුවිශේෂී සෞඛ්‍ය ආරක්ෂණ සේවා සපයන්නා වශයෙන් පත් කර ගන්නා ලදී. ඊට අදාළ අවබෝධතා ගිවිසුම 2024 ජුනි මස 10 වැනි දින දෙපාර්ශවය විසින් අත්සන් කරනු ලැබිණි. එම සමාගම විසින් අවශ්‍යතාවය අනුව නිවාස වෙත හෙද, වෛද්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවා ඇතුළු ගෘහස්ථ සෞඛ්‍ය සේවා සපයනු ලබයි.

SITREK Home Nursing and Swift Care (Pvt) Ltd හි සම කළමනාකාර අධ්‍යක්ෂිකා මිනෝලි විජේසිංහ මහත්මිය මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වුවාය. ”රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට මෙන්ම ප්‍රජාවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට දායක වීමට අපි කටයුතු කරනවා. SITREK හි අපගේ වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය ඕනෑම හදිසි අවස්ථාවකදී වෛද්‍ය පහසුකම් ලබා දීම සඳහා ඉදිරිපත් වීමට සහ නිවැසියන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ගෘහස්ත හෙද සේවා සැපයීමට කැපවී ක්‍රියා කරනවා.”

මෙම සහයෝගීතාවය පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් John Keells Properties සමාගමෙහි විකුණුම් සහ අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. ”John Keells Properties සමාගම පදිංචිකරුවන් සඳහා අගය එකතු කළ සේවාවන් වැඩිදියුණු කිරීමටත්, Laundry සේවාවන් සහ වෛද්‍ය සේවාවන් ලබා දෙමින් අපගේ නිවැසියන්ට ආරක්ෂිත සහ පහසු ජීවන රටාවක් සලසා දීම සඳහා වන අපගේ පොරොන්දුව ඉටු කිරීමට නිරතුරුව කැපවී කටයුතු කරනවා. අපගේ පදිංචිකරුවන්ගේ කාර්යබහුල ජීවන රටාවන් පිළිබඳව අවධානය යොමු කරමින්, ඔවුන්ගේ නිවහනට ඉතා සමීපව ස්ථාපිත වී ඇති මෙම පහසුකම මගින් ඔවුන්ට පීඩාවකින් තොරව වඩාත් සුව පහසු ජීවන රටාවක් ගත කිරීමට හැකි වනු ඇති බවට අපි විශ්වාස කරනවා.”

කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටා ඇති, TRI-ZEN මහල් නිවාස සංකීර්ණය අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක විහිදී පවතින අතර එහි සෑම නිවාස ඒකකයක්ම අසමසම සුවපහසුව සමගින් අති නවීන සැලසුම් ඇතුළත් අංගයන්ගෙන් නිර්මාණය කළ ඇත. නාගරික අවකාශයක් සහිත TRI-ZEN නිවාස සංකීර්ණය හරිත අවකාශයන්, ව්‍යායාම් සඳහා වන මන්තීරුවක්, පිහිනුම් තටාක 2ක්, ශාරීරික යෝග්‍යතා සහ සුවතා මධ්‍යස්ථානයක් සහ ගෘහස්ත ක්‍රීඩාගාරයක් ඇතුළු නේවාසික පහසුකම් රැසකින් සමන්විත වේ. කොළඹ කේන්ද්‍ර කර ගත් පොදු ප්‍රවාහන සේවා, ව්‍යාපාරික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, උද්‍යාන, ආගමික සිද්ධස්ථාන, හෝටල් සහ විනෝදාස්වාද ස්ථාන ඇතුළු පහසුකම් සඳහා ඉතාමත් සමීපව පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණය අනාගත නිවාස හිමියන්ට වඩාත් ආකර්ෂණීය වන්නේ එය පිහිටා ඇති ස්ථානයයි.

දේපල සංවර්ධන සහ කළමනාකරණ කර්මාන්තයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම නගරික අවකාශයන් හා ජීවන රටාවන් පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා +94 702 294 294 අංකය ඇමතීමෙන් හෝ www.trizen.lk යන TRI-ZEN වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් ලබා ගත හැකිය.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව