Treinetic සමාගම සමඟ මධ්‍යම පරිසර අධිකාරිය එක් වී වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් සකසයි

Treinetic (LBN)

මෙරට ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන “Treinetic” පෞද්ගලික සමාගම වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක් වෙයි. තත්කාලීන දත්ත සහ තොරතුරු සැපයීමෙන් වායු දූෂණය අවම කිරීම අරමුණ වන මෙම හවුල්කාරිත්වය, තිරසාරභාවය වර්ධනය කිරීමටත්, රට පුරා මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමටත් හේතු වනු ඇත. වාහන, කර්මාන්ත සහ කෘෂිකාර්මික අවශ්‍යතා අරමුණු කර ගත් ගිනි තැබීම් ආදිය නිසා වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින ඉන්දියාවේ දිල්ලි වැනි නගරවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත්, වාහන සහ කාර්මික කටයුතු ආදිය නිසා කොළඹ, මහනුවර වැනි නගරවල වායු දූෂණය සැළකිය යුතු මට්ටමකින් ඉහළ යමින් ඇත. කාබන් මොනොක්සයිඩ් (CO), නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) වැනි සංඝටක නිර්මාණය වීම ඉහළ යාම සහ සෘතු හා කාලගුණික වෙනස්වීම් ඇති වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙවැනි තත්ත්වයක් තුළ වායු තත්ත්ව අධීක්ෂණයට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම රට තුළ ඇති ප්‍රබල අභියෝගයකි. 



 

ඉහත ගැටළුවලට පිළියමක් ලෙස “Treinetic” සමාගම මෙම නව්‍ය වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතිය නිර්මාණය කරමින් පවතී. වායු දූෂණය පිටුදැකීමට, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනය ඇති කිරීමට උපකාර වන තත්කාලීන දත්ත සහ තොරතුරු එමඟින් ගත හැකිය. ඉදිරියේදී ජලයේ ගුණාත්මක බව සහ කසළ කළමනාකරණය වැනි අනෙකුත් පරිසර සාධකද අදාළ කර ගත හැකි ලෙස මෙම පද්ධතිය පුළුල් කිරීමට “Treinetic” සමාගම අපේක්ෂා කරයි. “අපගේ මෙන්ම පරිසරයේ සෞඛ්‍යවත් බව තීරණය වන ප්‍රධානම සාධකයක් වන්නේ වායු ගුණාත්මකභාවය බව අප දන්නවා. නිවැරැදි තොරතුරු තුළින් වායු දූෂණය පිටුදැකීමටත්, ශ්‍රී ලංකාවේ අනාගතය සුරක්ෂිත කිරීමටත් හැකියාව ලැබෙනවා.” “Treinetic” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඉමාල් පෙරේරා මහතා පැවසීය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව