ට්‍රැවල්කෝ හොලිඩේස් (Travelco Holidays) සිය ප්‍රාදේශීය ව්‍යාප්තිය ශක්තිමත් කරමින් නවතම ශාඛාව මහනුවර විවෘත කරයි

2- Raffle draw winners with Travelco and Hameedia (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ සංචාරක විසඳුම් සපයන්නෙකු වන ට්‍රැවල්කෝ හොලිඩේස් (Travelco Holidays), මධ්‍යම පළාත වෙත සිය සේවා ව්‍යාප්ත කරමින් පසුගියදා මහනුවර පේරාදෙණිය පාරේ සිය නවතම ශාඛාව විවෘත කළේය. ජාතන්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් කොළඹින් බැහැර ජනතාව වෙතද සමීප කිරීමේ සමාගමේ අරමුණෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නවතම ශාඛාව හැඳින්විය හැකිය.



මහනුවර සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට ට්‍රැවල්කෝ හි සියලුම සංචාරක සේවා මෙම නව ශාඛාව හරහා දැන් ලබාගත හැක. ආසියාව, අප්‍රිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව වැනි ගමනාන්ත සඳහා සකස් කරන ලද ජාත්‍යන්තර සංචාරක පැකේජ, ගුවන් ටිකට්පත් වෙන්කර ගැනීම, වීසා උපදේශන, මධුසම පැකේජ, පවුලේ සංචාර, ආයතනික සංචාර සහ අධ්‍යාපනික සංචාර ආදී සියලු සේවා මීට ඇතුළත් වේ. ටිකට්පත් වෙන්කිරීමේ මූලික ක්‍රියාවලියේ සිට නැවත ආරක්ෂිතව නිවසට පැමිණීම දක්වා සියලු කාර්යයන් වෙනුවෛන් සම්පූර්ණ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ට්‍රැවල්කෝ ආයතනය ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම ව්‍යාප්තියට සමගාමීව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Hameedia සමඟින් නව්‍ය සහයෝගීතාවක් ආරම්භ කිරීමටද ට්‍රැවල්කෝ කටයුතු කර ඇත. එහි අංගයක් ලෙස පැවැත්වෙන විශේෂ දිනුම් ඇදීම හරහා ප්‍රමුඛ පෙළේ සන්නාමයන් සහ ගෝලීය සංචාරක අත්දැකීම් එකිනෙක සම්බන්ධ කිරීම හරහා සංචාරය යනු හුදු සේවාවක් පමණක් නොව නූතන ජීවන රටාවේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කිරීමේ ට්‍රැවල්කෝ හි දැක්ම තවදුරටත් තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

“අපගේ මහනුවර ශාඛාව විවෘත කිරීමේ මූලික අරමුණ වන්නේ මධ්‍යම පළාතේ ජනතාව වෙත විශේෂඥ සංචාරක උපදේශන සේවාවන් සමීප කිරීමයි,” යනුවෙන් ට්‍රැවල්කෝ හොලිඩේස් හි අධ්‍යක්ෂ සන්ෆර් ෂෙරිෆ් (Zanfer Sheriff) මහතා පැවසීය. “කොළඹින් බැහැරව වෙසෙන සංචාරකයින්ගෙන් ද අවශ්‍යතා අනුව සැලසුම් කළ සේවාවන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව අප හඳුනා ගත්තා. ජාත්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් දැරිය හැකි මිලකට සහ පහසුවෙන් සැමට ලබා දීමට අප කැපවී සිටිනවා.”

මහනුවර ශාඛාව විවෘත කිරීම මගින් මීට පෙර විශේෂඥ සංචාරක උපදේශන සේවා ලබා ගැනීමට අපහසුතා තිබූ මධ්‍යම පළාතේ සංචාරකයින්ට විශාල පහසුවක් සැලසේ. භෞතිකව එම ප්‍රදේශයේ ස්ථාපිත වීම හරහා පුද්ගලික සහයෝගයක් මෙන්ම විශිෂ්ට මගපෙන්වීමක් ලබා දෙමින් වඩාත් සමීප සහ විශ්වසනීය සේවාවක් සැපයීම ට්‍රැවල්කෝ හි අරමුණයි.

සංචාරයක සෑම අදියරකදීම පුද්ගලික අවධානය සහ පූර්ණ සහයෝගය ලබා දීමේ “මානුෂීය බැඳීම” (human element) කෙරෙහි ට්‍රැවල්කෝ දිගින් දිගටම අවධානය යොමු කරයි. භූගෝලීය ව්‍යාප්තිය සහ විවිධ ක්ෂේත්‍රයන් සමඟ ඇති කරගන්නා සහයෝගීතාවන් හරහා සහ ප්‍රමුඛත්වය, දැරිය හැකි බව මෙන්ම අමතක නොවන පාරිභෝගික සේවාවක් සමග ශ්‍රී ලංකාවේ තරඟකාරී සංචාරක වෙළඳපොළ තුළ සිය සුවිශේෂී අනන්‍යතාවය රැක ගැනීමට ට්‍රැවල්කෝ සමත්ව ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව