Thennakoon Rent a Car සමාගම Asia Miracle සම්මානයෙන් පිදුම් ලබයි

Thennakoon Rent a Car

සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයන Thennakoon Rent a Car සමාගම Asia Miracle සම්මාන උළෙලේදී ‘Best Rent a Car Service of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP අන්තර්ජාතික සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු අතර ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය නිලාන් ධනුක තෙන්නකෝන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

 



 

Thennakoon Rent a Car සමාගම පෞද්ගලික සහ ආයතනික යන පාරිභෝගික ඛාණ්ඩ දෙවර්ගයටම සේවා සපයයි. මෙරට විශාලම වාහන එකතුව එම ආයතනය සතු වන අතර කාර්, වෑන් සහ බස් වැනි විවිධ වර්ගයේ වාහන ඒ අතර වේ. රියැදුරෙකු නොමැතිව වාහනයක් කුලී පදනම මත ගැනීමට අපේක්ෂා කරන අයෙකුට දිගු කාලීන පදනම මත වාහනයක් ගත හැකිය. කෙටි කාලීන පදනම මත වාහන ගැනීමේදී වෘත්තීය රියැදුරෙකුද සමඟ සේවා සැපයීමට Thennakoon Tours සමාගම කටයුතු කරයි. ඊට අමතරව, Thennakoon Holdings Group of Companies නමින් ක්‍රියාත්මක වන ප්‍රධාන සමාගම හෝටල් හා නවාතැන් සහ බැටරි මොබයිල් සේවා සපයයි. පාරිභෝගික ප්‍රජාවගේ අවශ්‍යතාවලට මුල් තැන දෙමින් සේවා සපයන Thennakoon Rent a Car සමාගම පාරිභෝගික සේවා කණ්ඩායම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් ඒ ඒ ප්‍රවාහන අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු වාහනය තෝරා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වයි. සිය වාහන විශ්වාසවන්තව සහ ආරක්ෂිතව කුලී පදනම මත සැපයීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින වාහන හිමිකරුවන්ට Thennakoon Rent a Car සමාගම සමඟ සම්බන්ධ විය හැකිය. ඒ අයුරින් ඔවුන් කෙරෙහි විශ්වාසය තබා භාර දෙන කාර්, වෑන් සහ බස් ඇතුළු ඕනෑම වර්ගයක වාහනයක් ඉතා හොඳින් නඩත්තු කිරීමට එම සමාගම සෑම විටම කටයුතු කරයි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව