‘The Routes we Take’ තවත් අදියරක් මඩකළපුවේදී සාර්ථකව නිම වෙයි අවසාන අදියර අහංගමදී

Screenshot

2025 ඔක්තෝබර්, කොළඹදී: – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහාවන ජාතික ආයතනයේ (EUNIC) ප්‍රමුඛත ම වැඩසටහනක්වන The Routes We Take, සැප්තැම්බර් මස 12 සහ 13 දෙදින පුරා මඩකළපුවේ Dreamspace Academy හිදී සාර්ථකව පැවැත්විණි. EUNIC යනු, යුරෝපයේ සියලුම රටවල සහ සහාය රටවල සාමාජිකයින් 36 දෙනකුගෙන් සහ Good Life X සම්බන්ධ ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධානවල යුරෝපා ජාලයයි. මෙම වැඩසටහනේ සිව්වැනි සහ අවසාන අදියර ඔක්තෝබර් මස 11 වනදා දකුණු පළාතේ අහංගමදී පැවැත්වීමට නියමිතය.
 



 

අභියෝග මත පදනම් වූ ඉගෙනීම, බිම් මට්ටමේ නවෝත්පාදනය සහ බලපෑම්-සහගත ව්‍යාපාර ගොඩනැගීම හරහා ප්‍රාදේශීය සමාජ-ආර්ථික සහ පාරිසරික අභියෝගවලට මුහුණදෙන සමාජ ව්‍යවසායක්වන Dreamspace Academy සමග අත්වැල් බැඳ ගනිමින් මඩකළපුව වැඩසටහන සංවිධාන කෙරිණි. මෙහිදී මහජන ප්‍රදර්ශනයක්, සජීවී සංගීතමය ඉදිරිපත් කිරීමක්, අන්තර්-ක්‍රියාකාරී වැඩමුළු, අත්හදා බැලීමේ ඉගෙනුම් සැසි මෙන්ම, Hope Market හි අනුරංගි මෙන්ඩිස් සහ COCA Symbiosis හි පූර්ණිමා ජයසිංහ යන විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් ධාරිතා සංවර්ධන වැඩමුළු ද පැවැත්විණි.

“මෙවැනි ආකාරයේ වැඩසටහනක් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණු ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අනුව මෙය, මේ ප්‍රදේශයේ නිර්මාණශීලී සහ තිරසර නවෝත්පාදන ප්‍රජාව සඳහා සුවිශේෂී සංධිස්ථානයක් වනවා,” යනුවෙන් Dreamspace Academy වැඩසටහන් ප්‍රධානී ලක්ෂන්‍යා මුතුලිංගම් සඳහන් කළාය. නිර්මාණශීලිත්වය, තිරසාරත්වය සහ නවෝත්පාදනය මුල්කර ගත් ක්‍රියාකාරකම් රැසකින් එම දෙදින වැඩසටහන සමන්විත විය.

මෙම වසරේ වැඩසටහන්වල සමාප්තියට පිවිසෙන අතරතුර GLX හි ප්‍රධාන විධායක නිලධාරී සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ එමා ද සිල්වා මහත්මිය සිය අදහස් පළ කළාය. “මඩකළපුවේදී දැකගත හැකි වූ කැපීපෙනෙන සහභාගීත්වය සහ උනන්දුව සමගම අප, ඔක්තෝබර් 11 වැනිදා අහංගමදී The Routes we Take වැඩසටහනේ අවසාන අදියර දියත් කිරීමට සූදානමින් සිටිනවා. එහිදී, තිරසර සහ නිර්මාණාත්මක කර්මාන්තවල ඒකාබද්ධ වීම සඳහා ඩිජිටල් සැලසුම යොදා ගැනීමට එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට අත්වැලක් වීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු කරනවා.”

සංචාරක සහ හරිත ආර්ථික අංශ ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආචාර-ධාර්මික සහ තිරසර කේන්ද්‍රස්ථානයක් ලෙස විදහා දැක්වීම, සංස්කෘතික කර්මාන්ත තුළ වෘත්තීය සංගම් ශක්තිමත් කිරීම සහ මඩකළපුව සහ යාපනයේ සිට මහනුවර සිට ගාල්ල දක්වා කොළඹ ඉක්මවා යමින් සබඳතා ජාල සවිබල ගැන්වීම ඉලක්කර ගනිමින් මෙම ප්‍රාදේශීය වැඩසටහන් දියත් කෙරිණි. මෙම ක්‍රියාකාරකම් හරහා, දැනුවත් භාවය වර්ධනය කිරීම සහ නිර්මාණ සැලසුම භාවිත කිරීම, විවිධ පාර්ශ්වකරුවන් අතර අර්ථාන්විත සබඳතා ගොඩනැගීම, සංචාරක කර්මාන්තයේ තිරසාරත්වය සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණ සහ සංස්කෘතික කර්මාන්ත ඒකාබද්ධ කිරීම හරහා ඉහත අරමුණු ජය ගැනීමට මෙම වැඩසටහනට හැකි වී තිබේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව