The Body Shop නත්තල් වැඩසටහන දැන් ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මකයි

033-Q4-2020-CHRISTMAS-SEASONAL-SACKS-SOCIAL-ORGANIC-1080x1350-Frame 3 (1)

මෑත ඉතිහාසයේ වඩාත්ම අභියෝගකාරී කාලපරිච්ඡේදයක් වන මෙම කාලසීමාව තුළ පවා The Body Shop ආයතනය ලොව පුරා ජනතාව සහ ඔවුන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා කැපවී කටයුතු කරමින් සිටී. නත්තල හමුවේ පවා එම කැපවීමෙහි කිසිදු වෙනසක් නොමැත. පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් The Body Shop ආයතනය කියා සිටියේ, ලොව පුරා කාන්තාවන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් මේ වනවිට බෙහෙවින් කතාබහට ලක්වෙමින් පවතින මාතෘකාවක් වන ආර්තව-දරිද්‍රතාව (period poverty) පිළිබඳ ගැටලු විසඳීමේ උත්සාහයන්ට තම දායකත්වයද ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, 2020 දෙසැම්බර් 01 දින සිට 31 දින දක්වා පාරිභෝගිකයන් විසින් The Body Shop නිෂ්පාදන මිලදීගනු ලබන සෑම අවස්ථාවකදීම, පැන්ස 1.8 ක මුදලක් එම ප්‍රජා සත්කාරය වෙත බැර වනු ඇත.

ලොව සෑම කාන්තාවකටම, ඇගේ සමාජ ආර්ථික තත්ත්වය කුමක් වුවද, ආර්තව සමයේදී නිසි සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය මූලික පහසුකම් ලබාගැනීමේ හැකියාව තිබිය යුතු ය. ආර්තවය සම්බන්ධයෙන් ඇති සංස්කෘතික හා සමාජයීය සීමාවන් හා වැරදි අදහස් ආදිය නිසා, ආර්තවය සිදුවන අවස්ථා වලදී කාන්තාවන්ට රැකියාවට හෝ පාසලට යාම වැනි  එදිනෙදා කටයුතු සිදුකිරීම සඳහා  අවශ්‍ය මූලික පහසුකම් පවා සපයා ගැනීම දුෂ්කර වන අවස්ථා ඇත. මෙම දුෂ්කරතා මගහැරවීමේ කර්තව්‍යයට දායක වීම සඳහා, මෙම නත්තල් ප්‍රජා සත්කාරය යටතේ ශ්‍රී ලංකාව තුළ සෑම පාරිභෝගික මිලදීගැනීමකදීම රුපියල් 5 ක් බැගින් වෙන්කෙරේ.

 




 

 

පාරිභෝගිකයන්ට මේ සඳහා දායක වීමට තෝරාගැනීම් රාශියක් ඇත. මෙවර නත්තල වෙනුවෙන් The Body Shop සුවිශේෂී නිෂ්පාදන එකතුවක් හඳුන්වා දී තිබේ. මේ අතරින් කැපීපෙනෙන නිෂ්පාදන පෙළක් වන The Warm Vanilla එකතුව නිපදවා ඇත්තේ මැඩගස්කරයෙන් සපයාගත් වැනිලා සාරය සමගිනි. මේ යටතේ අතිශය ජනප්‍රිය නිමැවුමක් වූ The Warm Vanilla fragrance නැවත හඳුන්වා දී ඇති අතර එය  top notes ලෙස coconut සහ toffee ද,  heart notes ලෙස fudge සහ violet ද, base notes ලෙස sandalwood සහ amber ද සහිත සුවිශේෂී විලවුන් වර්ගයකි. මීට අමතරව මෙම නිෂ්පාදන එකතුව යටතේ body yogurt, body butter, hand scrub, hand cream සහ lip scrub ආදියද ලබාගත හැක.

උතුරු ඇමරිකාවේ cranberry seed oil යොදා නිපදවන Festive Berry එකතුව ආදරණීයයන්ගේ නත්තල වඩාත් ප්‍රීතිමත් කිරීමට කදිම තෝරාගැනීමකි. එය top notes ලෙස juniper berry, raspberry සහ  orange ද, heart notes ලෙස blueberry, mint සහ coconut ද, base notes ලෙස musk, vanilla, sandalwood සහ blackberry ද සහිත වේ. Winter Jasmine නිපදවා ඇත්තේ ඉන්දියාවේ පිච්ච මල් සාරය යොදාගනිමිනි. එහි top notes ලෙස orange flower, sea breeze සහ white peach ද, heart notes ලෙස jasmine, rose සහ frozen accord ද base notes ලෙස musk සහ cedarwood ද ඇතුළත් වේ. මෙම විලවුන් වර්ග දෙකද ඉහත සඳහන් නිෂ්පාදන එකතුව සමග භාවිතා කළ හැක.

මෙම නිෂ්පාදන ඇතුළු තවත් The Body Shop නිෂ්පාදන රාශියක් කොළඹ (බගතලේ පාරේ පිහිටි ප්‍රධාන අලෙවිසැල, කලම්බු සිටි සෙන්ටර් සහ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ශාඛාව) සහ මහනුවර (කැන්ඩි සිටි සෙන්ටර්) යන නගර වල පිහිටි The Body Shop අලෙවිසැල් වෙතින් ලබාගත හැක. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට The Body Shop නිෂ්පාදන ගෙන්වා ගැනීම සඳහා 0115765656 අමතන්න. මහනුවර හා තදාසන්න ප්‍රදේශ සඳහා 0774476170 අමතන්න.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව