TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

TAGS Image (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති  TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත්   රන් සම්මානයක් සහ රිදී සම්මාන හතරක් DIMO වෙත පිරිනමන ලදී. ඒ අනුව Diversified Holdings (Group Turnover Up to 100bn )සඳහා වූ රන් සම්මානය මෙන්ම Integrated Reporting, Corporate Governance Disclosure – Non-Financial Services, Sustainability Reporting සහ Digitally Transformative Reporting යන අංශයන් යටතේ රිදී සම්මානයන් ද මෙහිදී DIMO වෙත හිමි විය.

මෙම අවස්ථාවට සහභාගි වූ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා  සහ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) සුරේෂ් ගුණරත්න මහතා විසින් සමාගම වෙනුවෙන් සමස්ත රිදී සම්මානය ලබා ගන්නා ලදී. ඩ්‍රැගන්ෆ්ලයි (Dragonfly) සංකේතවත් කරමින්  ‘Agile By Nature’ තේමාව මුල් කරගෙන DIMO හි 2023/24 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව