ශ්‍රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්රයේ හදවත බඳු ඇඟලුම් කර්මාන්තය ලොව පුරා විසිරුණු පාරිභෝගිකයින් වෙනුවෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම උදෙසා නිහඬ සේවාවක් සිදු කරමින් සිටියි. මෙම විප්ලවීය සේවාව තුළ ඇත්තේ ශ්‍රේෂ්ඨ චරිත හෝ ආකර්ෂණීය ජීවිත කතාවන් නොව සම්ප්රදාය අභිබවා සම්මතයට අභියෝග කරමින්, බාධක ජයගනිමින් සාර්ථකත්වය හඹා යාම වෙනුවෙන් වෙහෙසුන කණ්ඩායමක ශක්තියයි. ඔවුන්ගේ කැපවීමයි. […]