සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම හෙවත් සුප්‍රකට ලුමාලා සමාගම, පසුගියදා පැවැති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ සෙසු කර්මාන්ත කාණ්ඩයේ ජාතික කර්මාන්ත සන්නාම සම්මානයක් දිනාගැනීමට සමත්විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා තාක්ෂණික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙ පෙබරවාරි 21 වැනිදා ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණි. […]