Tag: Li Ning

IMG-20240627-WA0015-LBN.jpg

1min120
දිවයින පුරා විසිරී සිටින බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දැනුම හා ප්‍රවීණත්වය මගින් ජාතික මට්ටමේ දායකත්වයක් ලබාදීම අරමුණු කරමින් බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා මූලික පුහුණු වැඩසටහනක් පසුගියදා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී සිදු කෙරිණි.  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් එම දෙදින වැඩසටහන පැවැත්විණි. ශ්‍රී […]

WS-Winner-Action-LBN.jpg

1min200
පිරිමි ඒකල ශූරතාව කැනඩාවට – කාන්තා ශූරතාව ඉන්දුනීසියාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ Li Ning International බැඩ්මින්ටන් තරගමාලාවේ පිරිමි ඒකල අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දුමිඳු අබේවික්‍රම සමත් විය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකු සහභාගිත්වයෙන් ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී තරගමාලාව පැවැත්විණි. […]

MD-Middle-L-to-R-Runner-up-and-Winner-LBN.jpg

1min90
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් ගාල්ලේ, දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවට පත් වූ Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ රිදී පදක්කම්  ත්‍රිත්වයක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. කාන්තා හා පිරිමි ඒකල රන් පදක්කම් සමඟ […]

FB_IMG_1707396802890.jpg

1min70
Li Ning International Badminton තරගමාලාව නමින් සිය දෙවැනි ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සූදානමින් පසුවෙයි. එම තරගාවලිය මේ මස 13 වැනිදා සිට 18 දින දක්වා ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ පවත්වනු ලබන එම තරගාවලිය රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකුගේ දස්කම් සඳහා කදිම වේදිකාවක් […]

DSC0034-LBN.jpg

1min40
වසර 9කට  පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය වන Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය. මෙරට දස්කම් අතර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය හැකියාවන් මුවහත් කරගැනීමට සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට කදිම අවස්ථාවක් ලබාදෙන මේ තරගාවලියට […]

viren-1.jpg

1min190
රටවල් 20ක විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 5 වැනිදා ගාල්ල, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. වසර 9කට පසු මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය  Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයේ සිටින […]

IMG-20240115-WA0005-LBN.jpg

1min100
ලොව පුරා රටවල් 19ක විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් තරග වදින Li Ning Sri Lanka  ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන පෙබරවාරි මස 5 වැනිදා සිට 11 දක්වා පැවැත්වීමට නියමිතය. ජයග්‍රාහකයන්ට අමෙරිකානු ඩොලර්  15,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන මේ තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව