Tag: Dialog

Dialog_Samsung.jpg

1min540
      ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය වන සැම්සුන්ග් අලූතින් හඳුන්වා දෙන ලද Galaxy A හා M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන හා Galaxy Tab සඳහා සුවිශේෂී දීමනාවක් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. ඒ අනුව මිලදී ගනු […]

2-1.jpg

1min1030
ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහි කුඩා ගස් ඔබට ඉහළට නැගීමට සිය ශක්තිය කැපකිරීම හේතුවෙන් තවමත් පහළට නැමී ඇති අයුරුද දකිනු ඇත. බොහෝ විට අප ජයග‍්‍රහණය කිරීමේදී විශ්වාස […]

WhatsApp-Image-2020-11-22-at-12.14-2.jpg

1min590
ශුෂ්ක පරිසරයක අපට දකින්නට ලැබෙන්නේ අපමණ වූ දුෂ්කර දසුන් ය. හිරුගේ අණසකට යටත්ව දැවී දුඹුරු පැහැයට හැරුණු විසල් රුක්, කාල වර්ණයට හැරුණු මිනිසුන්, කේඩෑරි වූ සතුන් මෙම පරිසරයේ අයදින්නේ ඔවුනගේ ජීවිත ය. දූවිලි සමඟ මුසුවූ කිසිදු තෙතමනයක් නොමැති සුළඟ ගත දැවටීමෙන් ඇතිකරණු ලබන්නේද පීඩාවකි. මෙවන් වූ පරිසරයක නිසංසල මනසකින් අකුරු කරවීම යනු දැඩි ආයාසයක් දැරිය යුතු කාර්යයකි. මෙවැනි වූඅපහසුකම් වලින් ගහණ පරිසරයක ජීවත් වන කිවුලේකඩ විද්‍යාලයේ දරුවන් වෙත අපේක්‍ෂාවේ අරුණළු රැගෙන පසුගියදා පැමිණියේ ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම් ව්‍යාපෘති කණ්ඩයමයි. අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ තිරියාය මංසන්ධියේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරකින් පිහිටා ඇති කිවුලේකඩ විද්‍යාලය පළමු වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගැන්වීමේ කාර්යයේ නිරත විද්‍යාලයකි. දශක හතකට පමණ පෙර ස්ථාපනය කරනු ලැබූ මෙම විද්‍යාලය, දරුවන්ගේ නැණස පෑදීම වෙනුවෙන් හුදෙකලා අරගලයක නිරත වූ විද්‍යාලයකි. අවම වූ පහසුකම් යටතේ පළම වසරේ සිට අ.පො.ස (සා/පෙළ) දක්වා දරුවන් හට අධ්‍යාපනය ලැබීමට සෙවන ලබාදෙන මෙම විද්‍යාලය, 14 දෙනෙකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයක කැපවීමෙන් ළමුන් 242 දෙනෙකු සිප් නැණ ලබාදෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමිනි. මහපොළව සමඟ නොනවතින අරගලයක යෙදෙමින් සිය දරුවන් වෙත සුරක්‍ෂිත අනාගතයක් සැකසීම වෙනුවෙන් වෙහෙසෙන දෙමාපියන් සිය දරුවන් වෙත අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවන්නේ ඔවුනට අනාගතය දිනාගැනීමට ඇති එකම මාර්ගය එය බැවිනි. තම දරුවන් විදිනා මෙම දුෂ්කරතාවය සම්බන්ධයෙන් මවක් මෙසේ සිය […]

ටී.-ජී.-ජිනදාස-මහතා.png

2min490
රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එමනැතිබැරිකම් හෝ අඩුපාඩුකම්මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය. මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව