ලංකා ව්යාපාරික පුවත් - LBNJune 18, 2025
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 75කට අධික විශ්වසනීය නාමයක් ලෙස, ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා එකම නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW), Yamaha යතුරුපැදි සහ ස්කූටර් නැවතත් ශ්‍රී ලංකා වෙළඳපල වෙත නිකුත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කළේය. 2025 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආනයන තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයෙන් පසුව, ශ්‍රී ලංකාව තුළ Yamaha හි පස් වසරක විරාමය අවසන් කරමින් මෙම දීර්ඝකාලීන අපේක්ෂිත නැවත දියත් කිරීම සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා,AMW විසින් 2025 ජුනි 14 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside Colombo) හිදී හඳුන්වාදීමේ සුවිශේෂී උළෙලක් […]











