‘දේශය පෝෂණය කිරීමේ’ උතුම් අරමුණ පෙරදැරි කරගත් සමාගමක් වූ, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, අඛණ්ඩව තුන්වෙනි වරටත් වැඩිහිටි පිරිස් උදෙසා දියත් කරනු ලබන ‘උත්තම දළදා’ වැඩසටහන මෙම වසරේදීත් සංවිධාන කරනු ලබන බව සාඩම්බරයෙන් යුතුව සඳහන් කරයි. මෙම වසරේදිත් කෑගල්ල හා කටුගස්තොට යන ප්‍රදේශවල වැඩිහිටි නිවාස 4කින් තෝරාගත් වැඩිහිටියන් 100ක් සඳහා දළදා මාළිගාව වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර […]