ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නුවරඑළිය වසන්ත සමයට සමගාමීව මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි හා කාන්තා ශුරතා දිනා ගැනීමට හිරුක සහන්මිත් සහ විදාරා විදානගේ සමත්වූහ. නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තෙනුක ද සිල්වා ලකුණු […]