දිවයිනේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ පාසල් 30කට රථවාහන තදබදය සහ පදිකයන් කළමණාකරණය සඳහා උපකරණ ලබා දෙමින්, පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහනේ 15 වන වසර අවසන් කරන ලදී. ප්‍රතිලාභී සෑම පාසලකටම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 5ක්, රථ වාහන කේතු 10ක් සහ රථ වාහන නියාමක ජැකට් 10ක් ගේට්ටුවෙන් පිටත […]