බස්නාහිර පළාත තුළ COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක, පානදුර යුනිචෙලා කර්මාන්ත ශාලාව තුළ මතුවී ඇති තත්ත්වය මේ වනවිට MAS සමාගමේ කළමනාකාරීත්වයේ සමීප නිරීක්ෂණයට ලක්වෙමින් පවතී. අද වනවිට, කර්මාන්ත ශාලාව තුළ සිදුකරන ලද පරීක්ෂණ සහ ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය ඔස්සේ, කර්මාන්ත ශාලාවේ සේවා නියුක්තිකයන් අතරින් 85 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. […]