ස්ටාර් ගාමන්ට් සමූහය බටහිර අප්‍රිකානු රටක්වන ටොගෝ හි මහා පරිමාණ ඇඟලුම් අපනයන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සූදානම්වන බව පසුගියදා නිවේදනය කළේය. ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ මූල්‍ය පැකේජයකින් ලැබෙන අමෙරිකානු ඩොලර් මිලියන 15ක ණය ආධාරයක් හරහා මෙම දැවැන්ත ආයෝජනය සිදුකිරීමට නියමිත ය. මෙය ශ්‍රී ලංකාවෙන් පිටත ස්ටාර් ගාමන්ට් ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිකරන පළමු අවස්ථාව වේ. […]