Tag: කොළඹ වරාය නගරය

Winning-Design_Beach-Sculpture.png

1min00
■මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ “බුබුළු පවූර”නිර්මාණයට සන්නිවේදන පවූර  (Interactive Wall) කාණ්ඩයේ ජය. ■තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායමේ ‘ලෝඩියා’නිර්මාණයට  වෙරළ මූර්ති (BeacSculpture) කාණ්ඩයේ ජය. ■  ජයග්‍රාහකයින් සඳහා රු. 600,000/= මුදල් ප්‍රදාන. 2020 නොවැම්බර් 16, කොළඹ: කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ “අනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන පවූරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බුබුළු  පවූර’ (‘Wall of Bubbles’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත් අතර, වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩය යටතේ තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛකරගත් City School of Architecture කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබූ ‘ලෝඩියා’ (‘Lodiya’)නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත්තේය. මෙම ජයග්‍රාහී නිර්මාණ කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ කලාපයේ ඉදිරියෙදිඉදිකිරීමට නියමිතයි. මෙම තරගයේ සමාප්තිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 නොවැම්බර් මස 16 වන දින සවස 06 සිට සජීව විකාශයක් ලෙස කොළඹ වරාය නගර මුහුණුපොත ඔස්සේ විකාශනය කිරීමටද යොමුවිය.         කාලයේ වෙනස්වීම සංකල්පය පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති ‘ලෝඩියා’ (‘Lodiya’) නිර්මාණය, වානේ සහ තඹ තහඩු ආශ්‍රයෙන් නිර්මාණය කිරීමට නියමිත අතර එය වරාය නගරයේ වෙරළ තීරයට සුන්දර දර්ශනයක් එක් කරනු ඇත. මෙම කාණ්ඩයේ […]

DO7A9702.jpg

1min00
2020 නොවෙම්බර් 11, කොළඹ: කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුල COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Jiang Houliang මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව