මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ 06 වන හෙවත් අවසන් දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහනෙන් සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්විය. අවසන් දිනුම් ඇදීමේ සුපිරි ත්‍යාගය වන රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනා ගත්තේ යාපනයේ මනිපායි හි, පදිංචි රක්ෂණ ඔප්පුහිමියෙකුය. […]