Synogen, ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී විවෘත කරයි

Image 1 (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගමනාගමන ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෝටර් රථ, තිරෝද රථ සහ යතුරු පැදි යන සියලුම වාහන එකම ස්ථානයකදී ආරෝපණය කළ හැකි දිවයිනේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය වන ‘Synogen Evo’, 2026 පෙබරවාරි 25වන දින විවෘත කරන ලදී.

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි මෙම ආරෝපණ මධ්‍යස්ථානය, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයකි. මෙය, මුළු රටම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන ආරෝපණය කළ හැකි නවීන තාක්ෂණික ජාලයක් නිර්මාණය කිරීමේ පළමු වැදගත් පියවර වේ.

 



ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ක්‍රමයෙන් ඉහළ ගියද, මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ බහුලවම භාවිත වන ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආරෝපණය කිරීමේ පහසුකම් මෙතෙක් පැවතියේ අවම මට්ටමකය. Synogen Evo මධ්‍යස්ථානය මෙයට විසඳුමක් ලබාදෙමින්, AC සහ වේගවත් DC පහසුකම් සහිත විද්‍යුත් මෝටර් රථ සඳහා පමණක් නොව, ත්‍රිරෝද රථ සහ ගමනාගමන කටයුතු සඳහා භාවිතා කරන යතුරු පැදි සහ බෙදාහැරීමේ සේවාවන්හි නිරත යතුරුපැදි සඳහා ද වෙන්වූ විශේෂ ආරෝපණ පද්ධති හඳුන්වා දෙයි. මීට අමතරව, Synogen සඳහාම අනන්‍ය වූ ඩිජිටල් තාක්ෂණය හරහා වාහන ආරෝපණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් බුද්ධිමත් හා ආරක්ෂිත ලෙස අධීක්ෂණය කිරීමටද මෙහිදී අවස්ථාව සලසා ඇත.

මෙම ක්‍රියාවලිය හරහා, Synogen Evo යනු හුදෙක් වාහන ආරෝපණය කරන මධ්‍යස්ථානයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඕනෑම වර්ගයක විද්‍යුත් වාහන භාවිත කරන්නන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී බලශක්ති ක්ෂේත්‍රයේ නැගී එන සමාගමක් වන Synogen, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, විදුලි පද්ධති සැලසුම් කිරීම සහ නවීන යටිතල පහසුකම් සම්බන්ධයෙන් සුප්‍රකට නාමයකි. මෙම සමාගමේ පුළුල් බලශක්ති වැඩපිළිවෙළ යටතේ, විද්‍යුත් වාහන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ අංශය Synogen Evo මගින් නියෝජනය වේ.

ඉහළ ආරක්ෂාවක් සහ නවීන පාලන පද්ධති සහිතව නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානය, ඉදිරියේදී නාගරික මට්ටමින් මෙන්ම ප්‍රධාන මාර්ග ජාලයන් ආවරණය වන පරිදි දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර ඇත.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රය ඕනෑම අයෙකුට පහසුවෙන් ළඟාවිය හැකි, ආරක්ෂිත මෙන්ම කාගේත් අවධානය දිනාගන්නා ස්ථානයකි. එබැවින්, පිරිසිදු නාගරික ප්‍රවාහන පද්ධතියක අනාගතය ප්‍රදර්ශනය කිරීමට එය කදිම ස්ථානයක් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන මධ්‍යස්ථානය මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයක ස්ථාපිත කිරීම හරහා, තිරසාර ප්‍රවාහන විසඳුම් ප්‍රචලිත කිරීමට Synogen සතු විශ්වාසය සහ කැපවීම මනාව විදහා දැක්වේ.

දිවයිනේ වර්ධනය වන විද්‍යුත් වාහන සංඛ්‍යාවට සරිලන පරිදි, ක්‍රමවත් සහ උසස් තත්ත්වයේ ආරෝපණ ජාලයක් ගොඩනැගීමට Synogen සැලසුම් කර ඇත. ඒ අනුව, ඉදිරියේදී ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානයන්, සංචාරක හෝටල්, සුපිරි වෙළඳසැල් සහ ප්‍රවාහන කේන්ද්‍රස්ථාන ආශ්‍රිතව මෙම Evo ජාලය ව්‍යාප්ත කිරීමට නියමිතය. එමෙන්ම, අනාගතයේදී ඉදිවන මධ්‍යස්ථාන සඳහා පුනර්ජනනීය බලශක්තිය සහ නවීන බලශක්ති පාලන පද්ධති එක් කිරීමට ද සමාගම බලාපොරොත්තු වේ. එමගින් පාරිසරික තිරසාරත්වය මෙන්ම ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ද සහතික කෙරේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව