‘Swastha by Link Natural’ නමින් නවතම අත්දැකීම් සහිත අලෙවි මධ්‍යස්ථානය, ලින්ක් නැචුරල් විසින් පාරිභෝගිකභවතුන් වෙත කොළඹ 07 හි විවෘත කරයි.

Interior View 2 (LBN)

 



 

 

CIC සමූහ ව්‍යාපාරය හා අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල්, සිය දේශීය මෙන්ම විදේශීය පාරිභෝගික පිරිස් වෙත සිය සන්නාමය නවමු ලෙස එළිදැක්වීමේ අරමුණින් කොළඹ 7, අංක 6 මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හිදී ‘Swastha by Link Natural’ අලෙවි මධ්‍යස්ථානය පසුගිය 24.03.2023 දින විවෘත කරන ලදී.

මෙහිදී ලින්ක් නැචුරල්, නිරෝගීබවේ සමීපතමයා ලෙස පාරිභෝගික පිරිස් හට සමාගම් මෙහෙවර, එය සිදුකරන ආකාරය සහ සමාගමේ දර්ශනය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දෙනු ඇත.

නවීන පහසුකම් සහ දැනුම පෙරදැරි වූ අත්දැකීම් සමූහයක් පාරිභෝගික පිරිස් වෙත දායාද කරනු ලබන්නේ ඔවුන්ගේ නීරෝගී සහ දිගු දිවියකට උරුමකම් කියාපානු සඳහාය. තවද ලින්ක් නැචුරල් සමාගමේ 430 කට අධික නිෂ්පාදන රැසක් අධ්‍යයනය කිරිමටත්, එම නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමටත් අවස්ථාව ලැබීම විශේෂත්වයකි. එසේම Swastha by Link Natural හි නිස්කලංක පරිසරය, සුහද හමුවීම් ආදිය සඳහා ද කදිම ස්ථානයක් වනවාට නොඅනුමානය.

පාරිභෝගිකභවතුන්ගේ නීරෝගී සහ සුවදායි අවශ්‍යතාවයන් සාක්ෂාත් කිරීම සඳහා ලින්ක් නැචුරල් සමාගම විසින් නවෝත්පාදනය කොට හඳුන්වා දුන් ආරක්ෂාකාරී, ප්‍රත්‍යක්ෂ සහ ගුණාත්මක ශාක සත්කාරක නිෂ්පාදන පෙළ සුවිශේෂී තැනකට හිමිකම් කියයි.

ආයුර්වේද වෛද්‍යවරුන් සහ ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ශාක ඖෂධීය ආයුර්වේද නිෂ්පාදන පෙළ සේම, ශාක ඖෂධීය ස්වසත්කාරක නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් හට හිස සිට පාදාන්තය දක්වා වඩාත් ආරක්ෂාවක් ලබා ගැනීමට දිරිමත් කරනු ලබයි. FDA විගණන ප්‍රමිතීන් සියල්ලට අනුකූලව සිදුවන නිෂ්පාදන වල පර්යේෂණ, විශිෂ්ට සංයෝජන, සංවර්ධනය සහ උසස් ප්‍රමිතීන් සැකසිම සඳහා මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොළට ළඟාවන නිෂ්පාදන වල දැඩි තත්ත්ව පරික්ෂාවක් සහ නියාමන ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට ද දැඩිව අවධානය යොමු කරනු ලබයි.

ජපානයේ Costco වෙළඳසැල් ජාලය තුළ සමහන් අලෙවිය සඳහා අනුමැතිය හිමි වීමත්, බ්‍රිතාන්‍යයේ ලෝකප්‍රසිද්ධ සුපිරි නිරූපිකාවක එක්තරා ජනප්‍රිය සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ නිර්දේශ කිරීමක් සහ බොලිවුඩයේ ජනප්‍රිය ප්‍රවීන නළුවෙකු විසින් සමහන් සඳහා සිදුකළ නිර්දේශ කිරිම, ලින්ක් නැචුරල් විසින් නිෂ්පාදනය කරනු ලබන සමහන් ඇතුළු අනෙකුත් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ලොවට විද්‍යාමාන කරන කදිම නිදසුන් වේ.

වසර ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණ රාශියක ප්‍රතිඵල ලෙසින්, ජාතික සහ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගත් සමහන්, සුදන්ත, ස්වස්ථ අමෘත, ස්වස්ථ ත්‍රිඵලා, මසල්ගාර්ඩ්, SP බාම් සහ කේශා ආදී නිෂ්පාදනවල නිවහන වූයේ ලින්ක් නැචුරල් සමාගමයි. මෙම නිෂ්පාදන පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගිකයින් හට ප්‍රත්‍යක්ෂ පූර්ණ සුවයක් ලබා දීමට ද දායක වූ බව නොරහසකි. Earth Essence නම් වූ ශාකෞෂධීය ස්වසත්කාරක නිෂ්පාදන පෙළ, වෙළඳපොළ අතික්‍රමණය කළ නවතම හඳුන්වාදීමයි.

මෙම පරිශ්‍රය වෙත පැමිණ, ලින්ක් නැචුරල් නිෂ්පාදන දැක බලා අවබෝධයෙන් භාවිත කිරීමට පාරිභෝගිකභවතුන් සැමට එම සමාගම ගෞරවයෙන් ආරාධනා කරයි. මෙම swastha by link natural මධ්‍යස්ථානය දිනපතා පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා පාරිභෝගිකයින් සඳහා විවෘතව පවතින අතර රථ වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් වලින්ද සමන්විත වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව