Sustainable U.S. Soy ඇසුරුම් ලාංඡනය හිමිකරගත් පළමු දකුණු ආසියානු සහ SSA කලාපීය සමාගම බවට නිව් ඇන්තනීස් සමූහය පත්වෙයි

2 - NAF Board with Deeba (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදකයෙකු වන New Anthoney’s සමූහය, සිය තිරසාරත්වය වැඩපිළිවෙළ ඉදිරියට යමින් සහ පරිසර හිතකාමී බව ප්‍රකට කරමින්, කීර්තිමත් ‘Sustainable U.S. Soy’ ලාංඡනය ඔවුන්ගේ ඇසුරුම්වල භාවිතා කිරීමේ අයිතිය මෑතකදී හිමිකරගැනීමට සමත්විය. මෙම සහතිකය දිනාගත්ය දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ පළමුවැනි සමාගම නිව් ඇන්තනීස් සමූහය වීම ද කැපීපෙනේ.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරමින් ජූලි 05 වැනි දින වෝටර්ස් එජ්හිදී උත්සවයක් පැවැත්විණි. තම නිෂ්පාදනවල තිරසාර යූ.එස්. සෝයා භාවිතා කරන නිෂ්පාදකයින්ට සුප්‍රකට ‘Sustainable U.S. Soy’ ලාංඡනය ඔවුන්ගේ ඇසුරුම් සඳශා පිරිනමනු ලබන අතර, ලොව පුරා නිෂ්පාදන 550කට අධික ප්‍රමාණයක ලාංඡනය භාවිත කරන සමාගම් 30කට නිව් ඇන්තනී සමූහය සම්බන්ධ වේ. ප්‍රෝටීන් ඌනතාවයේ ගෝලීය බර පිළිබඳව දැනුවත් කිරීම සඳහා ක්‍රියා කරන රයිට් ටු ප්‍රෝටීන ව්‍යාපාරයේ නවතම ආධාරකරු ද නිව් ඇන්තනී සමූහය යි.

පාලන පියවර සහ රෙගුලාසි අනුගමනය කිරීම, ජෛව විවිධත්වය සහ ඉහළ කාබන් ධාරිතාව, නිෂ්පාදන පිළිවෙත්, මහජන සහ කම්කරු සෞඛ්‍ය සහ සුබසාධනය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් යන ප්‍රධාන අංග හතරක් මත පදනම්ව ‘Sustainable U.S. Soy’ ලාංඡන ප්‍රොටෝකෝලය (SSAP) සාර්ථකව පිළිපැදීමෙන් අනතුරුව එම  පිළිගැනීම හිමිවීම ද විශේෂත්වයකි.

U.S. Soybean Export Council (USSEC) හි මෙම වැඩසටහන හරහා ජාත්‍යන්තර ආහාර සමාගම්වලට තම අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන වෙනුවෙන් තිරසාර සෝයි නිෂ්පාදන ඇණවුම් කිරීමේ හැකියාව උදා වේ.

‘Sustainable U.S. Soy ලාංඡනය අපගේ ඇසුරුම් සඳහා භාවිත කිරීමට අවස්ථාව හිමිවීම ගැන අපි මහත් සේ සතුටට පත්වෙනවා. එය, තිරසාර අමුද්‍රව්‍ය සපයා ගැනීම වෙනුවෙන් අපි අනුගමනය කළ පුළුල් කැපවීමෙහි ප්‍රතිඵලයක්. තිරසර වැඩපිළිවෙළ ආරම්භ වන්නේ ගොවිපොළේදී බව අපි දැඩිව විශ්වාස කරනවා. මෙය අපගේ තිරසර ගමන්මඟ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසත් හැඳින්විය හැකියි, යනුවෙන් නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේය.

U.S. Soy Sustainability & Marketing හි දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ ප්‍රධානී ඩීබා ගියානෝලිස් මෙම අවස්ථාවට සහභාගී වෙමින් U.S. Soy ප්‍රතීතන සහතිකය පිළිබඳව විස්තර කරමින් එය ආහාර නිෂ්පාදනය තුළ තිරසරභාවය සහ විශ්වාසනීයත්වය පිළිබිඹු කරන ආකාරය ගැන පැහැදිලි කළාය. USSEC හි සත්ත්ව උපයෝගීතා අංශයේ දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ ප්‍රධානී ආචාර්ය සුසිල් සිල්වා ද මෙහිදී අදහස් දැක්වීය.

නිව් ඇන්තනීස් සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා, සමාගම මේ දක්වා පැමිණි ගමන්මඟ පිළිබඳවත්, අනාගතය සඳහා වූ අභිලාෂකාමී සැලසුම් සහ ශ්‍රී ලංකාව සෞඛ්‍ය සම්පන්න ජාතියක් බවට පත්කිරීමේ වුවමනාව පිළිබඳවත් කරුණු හෙළි කළේය. විධායක අධ්‍යක්ෂ එරංග කුරුකුලආරච්චි මහතාගේ ස්තුති කතාවෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

ආචාරධර්ම සහ තිරසාර භාවිතයන් අනුගමනය කිරීම නිව් ඇන්තනීස් සමූහයට ආගන්තුක නොවන අතර සමාගම තම හරිත චිකන් සංකල්පය සඳහා මහත් ප්‍රසිද්ධියක් ද උසුළයි. ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූලව Control Union වෙතින් හරිතාගාර වායු (GHG) සත්‍යාපන ප්‍රකාශය සහිත දිවයිනේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමූහය යි. 2019 වසරේ සිට කුකුල් මස් නිෂ්පාදන සඳහා ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම් භාවිතා කිරීමට සමාගම පෙරමුණ ගෙන ඇත.

සැකසූ මාංශ ආහාර ද ඇතුළුව, තම සමස්ත සැපයුම් දාමය තුළ නිව් ඇන්තනීස් සමූහය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතී. නිව් ඇන්තනීස් සමූහය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලයේ ප්‍රමිතීන් අනුගමනය කරන අතර GMP, HACCP, ISO 22000 මෙන්ම දේශීය හා ජාත්‍යන්තර හලාල් සහතික ද හිමිකරගෙන සිටියි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව