Sustainable Brand of the Year සම්මානයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

SANASA LIFE (LBN)

 



 

 

ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Sustainable Brand of the Year 2023 සම්මානය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍ර විය. ආර්ථික අගහිඟකම්වලින් පෙලෙන ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ඉලක්ක කර ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රමුඛ රක්ෂණ සේවා සම්පාදකයෙකු ලෙස කටයුුතු කරන අතර දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වෙමින් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් රක්ෂණ ක්ෂේත්‍රයේ තම අඛණ්ඩ වර්ධනය යළි යළිත් සනාථ කරමින් සිටී.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී කෙනඩි ජේ. මයිකල් මහතා පවසා සිටියේ වසර ගණනාවක් පුරා ආයතනයේ ව්‍යාපාර කටයුතු කර ගෙන යාමේදී තිරසාර සංවර්ධනයක් පවත්වා ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර වූ බවයි. එමෙන්ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වීමෙන් සේවය කළ ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයටත්‚ සියලුම සේවකයන්ටත් සිය හෘදයාංගම ස්තූතිය පිරිනමන බවද ඒ මහතා පැවසීය. දිවයිනේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස විවිධ දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කරමින් සිටින අතර වර්තමානයේදී තම ව්‍යාපාර කටයුතු දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නව රැකියා අවස්ථා ජනිත කරමින් දක්ෂ වෘත්තිකයන් රටට දායාද කරමින් සිටියි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තව දුරටත් සිදු කරන අතර වර්තමානයේදී ශාඛා සියයකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයමින් සිටියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව