Supreme TV ලංකා ප්‍රිමියර් ලීග් ^LPL& ශ්‍රී ලාංකීය විකාශන අයිතිය හිමිකර ගනී

WhatsApp Image 2021-09-29 at 16.40 (1)

 




 

 

ඉදිරි වසර 5 සඳහා ලංකා ප්‍රිමියර් ලීග් ^LPL& තරගාවලීන් හි ශ්‍රී ලාංකීය විකාශනය අයිතිය හිමිකර ගැනීමට Supreme TV නාලිකාව සමත් වී ඇත. කෙටිකාලයක් තුළ ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියත්වයට පත් වූ Supreme TV නාලිකාව මෙම තරගාවලීන් හි විකාශනය හිමිකම ලබා ගැනීම සඳහා අති විශාල මුදලක් ආයෝජනය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩා විකාශන හිමිකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකීය නාලිකාවක් එතෙක් ආයෝජනය කළ විශාලතම මුදල මෙය වන අතර දිවයින සිව් කොණ විසිර සිටින සුවහසක් ක්‍රීඩාලෝලීන් වෙත සුපැහැදිලි ඩිජිටල් තරංග මාලා ඔස්සේ ඉදිරි වසර 5ක කාලය සඳහා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය විසුරුවා හැරීමට Supreme TV සූදානමින් සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩා විකාශන ඉතිහාසයේ දැවැන්තම තරගාවලි ආවරණ අයිතිය සඳහා කළ විශාලතම ආයේජනය සිදු කරමින් ඉදිරි වසර 5ක කාල සීමාව සඳහා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය හිමිකර ගැනීමට ලැබීම අප ලද භාග්‍යක් කොට සලකන අතර ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකිකයින් අතර වේගයෙන් ජනප්‍රියත්වයට පත්වූ නාලිකාවක් ලෙස මෙම තරගාවලියේ සෑම මොහොතක්ම ඉතා පැහැදිලි ඩිජිටල් විකාශන තාක්ෂණය ඔස්සේ සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙත ගෙන ඒම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානමින් ඇති බව මහත් සොම්නසකින් පවසන්න කැමතියි. කෝව්ඩ් වසංගතය සමග අපගේ සමාජය යම් භීතියකින් මෙන්ම දැඩි මානසික ආතතියකින් පසු වූවද ලංකා ප්‍රිමියර් ලීග් හරහා මෙම පසුගාමී මානසිකත්වය බිඳ දමමින් වඩා සුභවාදී ඉදිරි දැක්මකින් අභියෝග ජය ගැනීමට සහ මුළු ලෝකයටම මේ හරහා පණිවිඩයක් දෙමින් ශ්‍රී ලංකාව නැවතත් සුදානම් බව ශක්තිමත්ව පැවසිය හැකි වනු ඇති බව මගේ අදහසයි. දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ දසකම් දැකලබා ගැනීමට මෙන්ම නවක ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ට වේදිකාවක් නිර්මාණය කරන ලංකා ප්‍රිමියර් ලීග් තරගමාලාව යලි ආරම්භ කරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින සුවහසක් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට අපගේ මෙම පණිවිඩය නව අපේක්ෂාවන් පුබුදුවාලන බ වමට හොඳටම විශ්වාසයි.” යනුවෙන් නාලිකා සභාපති ආර්.එම් මනිවානන් මහතා පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වන ලංකා ප්‍රිමියර් තරගාවලියේ නිල ප්‍රවර්ධක සමාගම වන IPG හි ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා “ ශ්‍රී ලංකාව තුළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය විකාශනය කිරීමේ නිල රූපවාහිනි විකාශන අයිතිය ලබා ගත් Supreme TV නාලිකාවට මාගේ සුභාශිංෂණ එක් කරනවා. මෙම සහසම්බන්ධතාව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ උන්නතියට හා සන්නාම ශක්තියට විහාල පිටුබලයක් වන බ වමට විශ්වාසයි. මෙහි පළමු තරගාවලිය ශ්‍රී ලාංකිකයින් මිලියන 1.9ක් නැරඹූ අතර මෙය ඉතා හොඳ ඇරඹුමක් බව මගේ අදහසයි. මෙම තත්වය මත ආයතනයේ එක් වීමත් සමගම මෙම සංඛ්‍යාව තවත් විශාල සංඛ්‍යාවකින් වර්ධනය වනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගාවලිය ජෛව බුබුළක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් 26 වන දින සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවති අතර ලොවපුරා ප්‍රේක්ෂකයින් මිලියන 557ක් රූපවාහිනි සහ ඩිජිටල් මාධ්‍ය භාවිතා කරමින්  මෙම තරගාවලිය නරඹා ඇත. තරගාවලිය සඳහා එක් වූ අනුග්‍රාහකයින් සඳහා ලැබූ මාධ්‍ය ආවරණ වටිනාකම ඩොලර් මිලියන 54.5කි.

ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලිය ස්කයි ස්පෝට්ස්, සෝනි ස්පෝට්ස්, ජීයෝ පී.ටීවී, විලෝ ටීවි, යන නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, කැනඩාව, ඇමරික් එක්සත් ජනපදය, අයර්ලන්තය , ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, යන රටවල ප්‍රේක්ෂකයින් මිලියන 155ක් සජීව ලෙසින් නරඹා ඇත. මීට අමතරව මිලියන 218ක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද තරගාවලිය නරඹන ලදි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව