Super King Detergents සමාගම Lanka Business Award සම්මාන දිනයි

SUPER KING

 



 

 

විෂබීජනාශක සහ පිරිසිදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟී එන ව්‍යාපාරයක් වන Super King Detergents සමාගම Lanka Business Awards සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විෂබීජනාශක සහ පිරිසිදුකාරක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

Business World International Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී Super King Detergents කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

2017දී සුළු පරිමාණයෙන් ඇරැඹූ Super King Detergents සමාගම ක්‍රම ක්‍රමයෙන් දියුණු වුයේ ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන නිරන්තරයෙන් පාරිභෝගිකයන්ට හඳුන්වා දීම නිසාය. ඔවුන්ගේ නිෂ්පාදන අතර ඩිෂ් වොෂ්, හෑන්ඩ් වොෂ්, කාර් වොෂ්, ටොයිලට් කොමොඩ් ක්ලීනර් ලික්විඩ්, කොම්ෆොර්ට්, ක්ලෝරස් සහ එයාර් ෆ්‍රෙෂ්නර් වැනි නිෂ්පාදන රැසක් ඇත.

කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ආයතනවලද Super King Detergents සමාගමේ නිෂ්පාදන භාවිත කිරීමෙන් එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය තහවුරු කර ඇත. Super King නිෂ්පාදන සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ සහතිකද ලැබී ඇති අතර Super King නිෂ්පාදන ඉදිරියේදී දිවයින පුරා බෙදා හැරීමට සැළසුම් සකස් කර ඇත. මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට දායකත්වය දැක්වූ පාරිභෝගිකයන්ටත්, සේවක මණ්ඩලයටත්, පවුලේ සාමාජිකයන්ටත් සිය කෘතවේදීත්වය පළ කරන බව කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව