Sun Siyam Resorts හි සමූහ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ ලෙස පසන් විජේවර්ධන මහතා පත්කෙරෙයි

SSIF_Pasan portrait

Sun Siyam Resorts සමූහයට අයත් Sun Siyam Pasikudah සහ Sun Siyam Iru Fushi යන හෝටල්වල සමූහ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂවරයා ලෙස පසන් විජේවර්ධන මහතා 2024 අගෝස්තු 17 වැනිදා සිට රාජකාරි ආරම්භ කළේය.

සංචාරක ක්ෂේත්‍රය තුළ දශකයකට වැඩි අත්දැකීම් සමුදායකට හිමිකම් කියන විජේවර්ධන මහතා ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඕමානය යන රටවල සුඛෝපභෝගී හෝටල් රැසක සේවය කර තිබේ. නව තනතුර භාරගැනීමට පෙර ඕමානයේ Shangri-La Muscat හෝටලයේ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ ලෙස සේවය කළ ඔහු, එහි ව්‍යාපාර වර්ධනය සහ ක්‍රමෝපායික සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකිරීමට සමත්විය. ඊට ඉහත ඔහු ශ්‍රී ලංකාවේ Shangri-La හි සමූහ විකුණුම් අධ්‍යක්ෂ ලෙස ද කලක් සේවය කළේය. සිනමන් හෝටල් ජාලය සමඟ තම වෘත්තීය දිවිය ආරම්භ කළ විජේවර්ධන මහතා සිනමන් සිටි හෝටල් පද්ධතියේ වර්ධනයට ද විශේෂ දායකත්වයක් ලබාදුන්නේය.

 



 

ඔහු මීට පෙර Sun Siyam Resorts සමූහයට අයත් මාලදිවයිනේ Sun Siyam Iru Veli හි විකුණුම් සහ අලෙවි කළමනාකරු ලෙස ද සේවය කර තිබේ. ඒ අනුව  නැවතත් Sun Siyam Resorts සමූහය හා එක්වීම ඔහුගේ ප්‍රවීණත්වයට මෙන්ම Sun Siyam Resorts සන්නාමයට සමඟ ඔහු සතු ශක්තිමත් සම්බන්ධයට ද සාක්ෂි සපයයි.

නව තනතුර යටතේ Sun Siyam Iru Fushi සහ Sun Siyam Pasikudah යන හෝටල් දෙකෙහිම විකුණුම් සහ අලෙවි ක්‍රමෝපාය වැඩිදියුණු කරමින් ඒවායේ ආදායම් වර්ධනයටත්, සන්නාම ප්‍රවර්ධනයට සහ, වෙළෙඳපොළ ප්‍රශස්තකරණයටත් පසන් විජේවර්ධන මහතා කටයුතු කරනු ඇත. තව ද, එම හෝටල්වල විකුණුම් සහ අලෙවි කණ්ඩායම්වලට නායකත්වය ලබාදෙමින් සහ, ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සබඳතා ශක්තිමත් කරගනිමින්, සංචාරකයින් වෙත සුවිශේෂී ආගන්තුක සත්කාර අත්දැකීමක් සමීප කිරීමට ඔහු පියවර ගනු ඇත.

″Sun Siyam පවුලට පසන් නැවත එකතුවීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ඔහු සතු අත්දැකීම් සහ නායකත්ව ලක්ෂණ අපගේ කණ්ඩායමට වටිනා වත්කමක් වනු නොඅනුමානයි. ඔහුගේ මඟපෙන්වීම යටතේ Sun Siyam Iru Fushi සහ Sun Siyam Pasikudah හෝටල් හරහා සුවිශේෂී ආගන්තුක සේවාවක් හිමිවනු ඇති බව අපට විශ්වාසයි″, යනුවෙන් Sun Siyam Resorts සමූහයේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ අහමඩ් නවුෆාල් මහතා ප්‍රකාශ කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව