SUN SIYAM RESORTS මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් දෙදෙනෙකු සමඟ SUN SIYAM PASIKUDAH යළි විවෘත කරයි

Dulanka De Mel (L) and Arshed Refai (R) (LBN)

 



 

 

මාලදිවයිනේ සුප්‍රකට සහ සම්මානලාභී හෝටල් ව්‍යාපාර සමූහයක්වන Sun Siyam Resorts, ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී ලෙස අර්ෂඩ් රෙෆායි සහ  විකුණුම් හා අලෙවි කළමනාකරු ලෙස දුලංක මෙන්ඩිස් යන මහත්වරු පසුගියදා පත්කරන ලදී. මෙම නව පත්වීම් සමඟ 2023 නොවැම්බර් 17 වැනිදා යළිත් Sun Siyam Pasikudah හෝටලය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය.

දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් පසුව හෝටලය නවතම අත්දැකීම් සමුදායක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි. විශේෂයෙන්ම සුඛෝපභෝගීත්වය සමඟ මුසුවුණු ශ්‍රී ලංකාවේ සංස්කෘතික සුන්දරත්වය සංචාරකයින්ට අත්විඳීමට හැකිවනු ඇත. අර්ෂඩ් සහ දුලංක සුසංයෝගය හරහා හෝටලයට ක්ෂේත්‍රයේ ප්‍රවීණතාව ද එක්කිරීමට හැකිව තිබේ.

ශ්‍රී ලාංකිකයෙකු වන අර්ෂඩ් රෙෆායි, සාමාන්‍යාධිකාරී ලෙස Sun Siyam Pasikudah හි සමස්ත මෙහෙයුම් අධීක්ෂණය කරනු ඇත. එහිදී හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ සාමාන්‍යාධිකාරී සමඟ ඔහු සමීපව කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය දිවිය ඇරඹූ අර්ෂඩ්, අනතුරුව මෙහෙයුම් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි අතර එහි වසර ගණනාවක අත්දැකීම් ඔහු සතුය. මෙම නව පත්වීමට පෙර ඔහු Sun Aqua Pasikudah (2020 වසරේදී Sun Siyam Pasikudah ලෙස සන්නාමකරණයට ලක්වූ) හි මෙහෙයුම් කළමනාකරු ලෙස සේවය කළේය. දශකයකට වැඩි කාලයක් පුරා Sun Siyam Resorts සමූහය සමඟ සිටින අර්ෂඩ්, Sun Siyam Pasikudah හි පටන්ගැන්මේ හා මූලික ඉදිකිරීම් අවධියේ පටන් ඊට සම්බන්ධ වීම ද විශේෂත්වයකි. එතැන් පටන් හෝටලයේ සියලු අංශවල සමස්ත මෙහෙයුම් ඔහු අධීක්ෂණය කර තිබේ.

″නව අදහස්, දැක්ම සහ නිර්මාණශීලිත්වයට අවස්ථාව ලබාදෙන මෙවැනි ආයතනයකට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාව නැවතත් සංචාරක කර්මාන්තයට පුළුල් ලෙස අවතීර්ණ වීම සමඟ එහි වර්ධනයට දායක වීම මගේ භූමිකාවයි. එහිදී දේශීයත්වය කැටිකරගත් වටිනා සංස්කෘතික අත්දැකීමක් අපගේ හෝටලයට පැමිණෙන සංචාරකයින්ට ලබාදීමටත්, ඒ හරහා අපේ රටේ සංචාරක කර්මාන්තයට සහ පොදුවේ ආර්ථිකයට ශක්තියක් වීමටත් අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේය.

ශ්‍රී ලාංකිකයෙකු වන දුලංක මෙන්ඩිස්, Sun Siyam Pasikudah හි විකුණුම් සහ අලෙවිකරණ කටයුතු භාරව කටයුතු කරන අතර, මෙරට හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ වසර 13කට වැඩි අත්දැකීම් ඔහු සතුය. ANI Private Resorts, Onyx Hospitality, UGA Escapes, Resplendent Ceylon, Aman Resorts and Cinnamon Grand වැනි හෝටල් ගණනාවක සේවය කර ඇති දුලංක, ගමනාන්ත සහ නිෂ්පාදන ස්ථානගත කිරීමේ (Destination and Product positioning) ප්‍රවීණයෙකි.

″කොවිඩ්-19 වසංගතයේ සිට ආර්ථික අර්බුදය දක්වා සෑම අභියෝගයකදීම නොසැලෙන ශක්තියක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ආර්ථික අර්බුදය ජයගනිමින් සහ සංචාරක කර්මාන්තයේ සුබවාදී පෙරලකුණු දකින මේ අවස්ථාවේදී අපි, Sun Siyam Pasikudah මෙන්ම ශ්‍රී ලංකාවත් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පුළුල් සැලසුම් සකස්කර තිබෙනවා. මෙම සැලසුමේ කොටස්කරුවෙකු වීමට ලැබීම මට විශාල ගෞරවයක්″, යනුවෙන් දුලංක මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

නව අත්දැකීම්, සංස්කෘතික අංග සහ නිදහස පිරුණු අපූර්ව විවේකයක් වෙනුවෙන් Sun Siyam Pasikudah සංචාරකයින්ට ඇරයුම් කරයි. හෝටලය නැවත විවෘත කිරීමට සමගාමීව ලබාදෙන ෆැමිලි සහ උත්සව වට්ටම් පිළිබඳ දැනුවත් වීමට www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසෙන්න.

Sun Siyam Resorts යනු මාලදිවයිනේ සුඛෝපභෝගී පෞද්ගලික දූපත් නිකේතන පහක සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ නිවාඩු නිකේතනයක හිමිකාරීත්වයේ සහ කළමනාකාරීත්වයේ වසර 30කට වැඩි අත්දැකීම් සහිත සම්මානලාභී හෝටල් සමූහයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව