
Sun Siyam Pasikudah හෝටලය මගින් Island Soul නමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද තෙදින සුවතා සහ සංස්කෘතික වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. සංචාරකයින්ට ආත්මීය සුවතාවක් ගෙනදෙන මෙන්ම ආහාරපාන හා බැඳුණු සහ සතිමත්බවින් පිරුණු ජීවිතයකට මඟපෙන්වීමට මෙම වැඩසටහන උපකාරී විය. විශේෂයෙන්ම වර්තමාන කාර්යබහුල අවිවේකී සමාජයෙන් මොහොතකට මිදී ස්වභාව ධර්මය, තමන් සහ ප්‍රජාව සමඟ සිය බැඳීම වැඩි කරගැනීමට සංචාරකයින්ට ඉන් අවස්ථාව උදාවිය.
සතිමත්බවින් පිරුණු විවේකයක් සංචාරකයින්ට අත්කරදීම අරමුණු කරගනිමින් සංවිධානය කරනලද මෙම වැඩසටහනට සුවතාව ප්‍රියකරන, විවිධ ආහාරපාන රසබැලීමට කැමැති මෙන්ම පරිසර හිතකාමී සංචාරකයෝ රැසක් එක්ව සිටියහ.
විවේකී ජීවිතය සහ තිරසරත්වය ප්රමුඛ කරගත් මෙම වැඩසටහනේදී සංචාරකයින්ට බාහිර පරිසරයෙන් අත්මිදී සොබාදහම, තමා සහ සංස්කෘතිය සමඟ බද්ධ වීමට සහායවන අංග රැසක් දක්නට ලැබුණි. එය ශ්‍රී ලාංකික සංස්කෘතිය, සතිමත් ජීවිතය සහ පෞද්ගලික පරිවර්තනයට අවකාශ උදාකරන Sun Siyam Pasikudah දැක්ම සමඟ ද හොඳින් සමපාත වීම කැපීපෙනුණි.
මෙම වැඩසටහනට එක්වුණු සංචාරකයින්ව හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා සහ කණ්ඩායම විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ජාත්‍යන්තර සුවතා උපදේශකයෙකුවන ෂේන් සීරි විසින් හිරු බැසයන මොහොතේ විශේෂ සුවතා පිළිගැනීමක් ද සිදුකරන ලදී. අයර්ලන්ත ජාතික ෂේන් ඩුබායි නුවර කේන්ද්‍ර කරගනිමින් සමාජයේ ඉහළම ස්ථරයේ පසුවන සාර්ථක පුද්ගලයින්ට පෝෂණය, කාර්යඵලසාධනය සහ එදිනෙදා සෞඛ්‍යය පාදක කරගනිමින් සිය සෞඛ්‍ය වැඩිදියුණු කරගන්නා ආකාරය පිළිබඳ උපදේශන සේවා සපයයි. අනතුරුව එදින රාත්රියේදී ද විශේෂ භෝජන සංග්‍රහයක් ද Fireside Tales & Teas under the stars නමින් තවත් විශේෂාංගයක් ද පැවැත්වුණී.
පසුදින උදෑසන වෙරළ තීරයේදී ශරීර සුවතා විශේෂඥ මරීනා විසින් මෙහෙයවනු ලැබූ යෝගා සහ සුවතා සැසියක් පැවැත්වුණි. ඉන් අනතුරුව ආයුර්වේදීය කැඳ සංචාරකයින්ට පිළිගැන්වුණු අතර, නිවර්තන කලාපීය පලතුරු සහ ඖෂධීය පානවර්ග පිළිගැන්වීමක් ද සිදුවිය. අනතුරුව හෝටල් වත්තේ දිවා ආහාරය සූදානම්කර තිබුණු අතර පෞද්ගලික සුවතා උපදේශන ලබාගැනීමේ ඉඩකඩ ද සංචාරකයින්ට හිමිවිය. දෙවැනි දිනය අවසන් වූයේ සඳ එළියේ ආලෝකමත් වූ රැයේ ජෑස් සංගීතය සමඟිනි.
තෙවැනි දිනය ඇරඹුණේ ආයුර්වේදීය ආහාර රැසකින් සමන්විත උදෑසන ආහාරයකිනි. ඊට දේශීය කැඳ, ඉඳිආප්ප, ඖෂධීය පාන වර්ග සහ නිවර්තන පලතුරු අඩංගු විය. අනතුරුව ෂේන් සීරි විසින් ව්‍යායාම සහ ආයුකාලය පිළිබඳ විශේෂ සැසියක් පැවැත්වූයේය. ඉක්බිති දේශීය සූපවේදියෙකුගේ මෙහෙයවීමෙන් විශේෂ සූපවේදී සැසියකට එක්වීමට ද සංචාරකයින්ට අවස්ථාව උදාවිය. වැඩසටහන නිමා වූයේ සංචාරකයින් විසින් පිළියෙල කරන ලද ආහාරපාන එකිනෙකා සමඟ බෙදාගනිමිනි.
අපට අවශ්‍ය වූයේ හුදෙක් සංචාරකයින් පිනවන වැඩසටහනක් වෙනුවට ඔවුන්ට පරිවර්තනීය වෙනසක් ලබාදෙන වැඩසහනක් නිර්මාණය කිරීමට යි. Island Soul යනු ශරීරය, මනස සහ එකිනෙකා අතර බෙදාගන්නා මනුෂ්‍යත්වය යන අපේ අභිවෘද්ධියට වැදගත්ම අංග වෙත අවධානය යොමුකරන වැඩසටහනක්, යනුවෙන් Sun Siyam Pasikudah සාමාන්‍යාධිකරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසුවේය.
අරමුණක් පෙරදැරි කරගත් සුඛෝපභෝගී අත්දැකීමක් සංචාරකයින්ට සමීප කිරීමට සමත් Sun Siyam Pasikudah සතු කැපවීම මෙම වැඩසටහනට ලැබුණු ප්‍රතිචාර මඟින් පිළිබිඹු විය. ශ්‍රී ලංකාවේ සුන්දරම වෙරළ තීරයක පිහිටි Sun Siyam Pasikudah හෝටලය, garden සහ beach pavilions ඒකක 34කින් සමන්විත ය. dining under the stars, spa සහ infinity pool වැනි පහසුකම් රැසක් ද හෝටලය සතු ය. පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි නොඉඳුල් වෙරළතීර සහ සංස්කෘතික ස්ථාන රැසකට ද මෙහි සිටපෙහසුවෙන් ළඟාවිය හැක. Island Soul වැඩසටහන ඉදිරියටත් සංවිධානය කිරීමට දැනටමත් සැලසුම් කරමින් තිබේ. 0652055555 දුරකථන අංකය හෝ https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ මගින් වැඩිදුර තොරතුරු ලබාගත හැක.