Sun Siyam Pasikudah ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

1- SSP Women (LBN)

සුප්‍රකට Tripadvisor වෙබ් සඟරාව මෙන්ම 2025 Homes & Gardens Design සම්මාන උළෙල මගින් ගෞරවයට පාත්‍ර වූ Sun Siyam Pasikudah හෝටලය 2026 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධානයකර තිබුණි.

“Eat, Pray & Love” තේමාව යටතේ සහ හෝටලයේ ප්‍රධාන වර්ණ ගැලපුම්වන සුදු, ලා දුඹුරු සහ රන් පැහැයෙන් සැරසෙමින් උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැති විවිධ සැමරුම් ගණනාවක් ඊට අයත් විය. මාර්තු 8 වැනිදා උදෑසන 10ට ප්‍රධාන මුළුතැන්ගෙයි පැවැති සාම්ප්‍රදායික ඉවුම් පිහුම් ප්‍රදර්ශනයකින් මෙම වැඩසටහන් පෙළගැස්ම ආරම්භ විය. එම වැඩසටහන ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පළකළ සංචාරකයින් වෙත නොමිලයේ මොක්ටේල් සංග්‍රහයක් ලබාදීමට ද හෝටලය කටයුතු කර තිබුණි.




මේ අතර වෙරළ අද්දර ආහාරපාන ලබාගැනීමේදී මෙන්ම නැගෙනහිර වෙරළේ දැවැන්තම වයින් එකතුව වන The Cellar හිදී ද සියයට 10ක වට්ටමක් එදින පිරිනැමීමට ද හෝටලය පියවර ගෙන තිබුණි. සංචාරකයින්ට එදින හිමිවූ තවත් විශේෂ වට්ටමක් වූයේ ස්පා පහසුකම් සඳහා සියයට 20ක දැවැන්ත වට්ටමක් පිරිනැමීම ය. තව ද හෝටලය හරහා වෙන්කරවාගන්නා චාරිකා වෙනුවෙන් ද සියයට 10ක වට්ටමක් හිමිවී තිබුණි. එදින වැඩසටහන් මාලාවේ තවත් විශේෂාංගයක් වූයේ එළිමහන් චිත්‍රපට ප්‍රදර්ශනයයි. මුහුදු වෙරළේ රාත්‍රී 9ට ආරම්භ වූ මෙම චිත්‍රපට ප්‍රදර්ශනයට තේමාව වී තිබුණේ ද කාන්තාව සතු ශක්තිය සහ කාන්තා සවිබලගැන්වීමයි.

″මෙවර කාන්තා දිනය වෙනුවෙන් අපේ අරමුණ වූයේ හුදෙක් වට්ටම් ලබාදීමකින් එහාට ගිය අර්ථාන්විත සැමරුමක් සංවිධානය කිරීමයි. අපේ හෝටලයේ සේවය කරන කාන්තාවන්ට වගේම හෝටලයේ නවාතැන් ගන්නා කාන්තාවන්ට ද මෙය ඔවුන්ට සුවපහසු ස්ථානයක් ලෙස ගොඩනැඟීම අපේ බලාපොරොත්තුවයි. සංචාරක ව්‍යාපාරය තුළ පවතින බොහෝ වෘත්තීන්හි තවමත් යම් පුරුෂාධිපත්‍යයකට යටව ඇති මොහොතක අපේ හෝටලයේ සේවය කරන බහුතරයක් කාන්තාවන් අවට ප්‍රදේශවාසීන් වීම අපට විශාල ගෞරවයක්. ඔවුන්ගෙන් හෝටලයට එකතුවන වටිනාකම හෝටලයේ නවාතැන් ගැනීමෙන් ලැබෙන අත්දැකීම වඩාත් පොහොසත්  අත්දැකීමක් බවට පත්කරනවා″, යනුවෙන් Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් වුව ද, සංචාරක කර්මාන්තය තුළ සේවය කරන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 10කටත් අඩු ය. ගෝලීය වශයෙන් ගත්කල සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 50කට වැඩි පසුුබිමක මෙම තත්ත්වය බැරෑරුම් ලෙස සැළකිය යුතුව තිබේ. මෙම පරතරය අවම කිරීම වෙනුවෙන් Sun Siyam Pasikudah හෝටලය අඛණ්ඩව කැපවී ක්‍රියාකරන අතර, නැගෙනහිර පළාතේ අවට ප්‍රදේශවල සිටින කුසලතා පූර්ණ කාන්තාවන් තම කාර්යමණ්ඩලය එක්කරගැනීමට හෝටලය වැඩි උනන්දුවක් දක්වයි. සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව ද ඔවුන්ට විධිමත් පුහුණුවක් සහ මාර්ගෝපදේශනයක් සපයමින් ඔවුන්ගේ වෘත්තීමය දියුණුවට ද හෝටලය දායක වෙයි.

සංචාරක කර්මාන්තයේ ආගන්තු සත්කාරකත්වය පිරිනැමීම ආරම්භ විය යුත්තේ එම සේවාව ලබාදෙන සේවකයින්ට සත්කාර කිරීමෙන් බව Sun Siyam සමූහය දැඩිව විශ්වාස කරයි. එබැවින් ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කරගන්නා අතරම, එම සාර්ථකත්වයට මඟපාදන සේවකයින් වෙත ද පෙරළා සාර්ථකත්වය ළංකිරීමට හෝටලය කැපවී සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව